සිරස්තල
“ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි “ඒහිපස්සිකෝ” සාමයේ පා ගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි

අද සිට බස් රියදුරන්ට ආසන පටි අනිවාර්යයි – නීතිය නොතකන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග

ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසන්නේ, අද (ජූලි 01) සිට බස් රථ රියදුරන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය බවයි. මෝටර් රථ පනතේ ප්‍රතිපාදන අනුව බස් රථ

මිතුරන් සමග බෙදාගන්න

ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසන්නේ, අද (ජූලි 01) සිට බස් රථ රියදුරන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය බවයි.

මෝටර් රථ පනතේ ප්‍රතිපාදන අනුව බස් රථ රියදුරන් ආසන පටි පැළඳීම අනිවාර්ය වුවත්, පසුගිය කාලය පුරා බොහෝ රියදුරන් මෙම නීතිය නොසලකා හැර තිබුණා. මෙම තත්ත්වය හේතුවෙන් සිදුවූ අනතුරු සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාමක් වාර්තා වී ඇති බව සඳහන්.

මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින්, බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට යළි දැඩිව ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මෙම නීතිය අනුගමනය නොකරන රියදුරන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ඇත.

එසේම, බස් රථ සහ ත්‍රිරෝද රථ ඇතුළු අනෙකුත් වාහනවල සවිකර ඇති අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීමේ වැඩසටහනද අද සිට යළි ආරම්භ කරන බව පොලීසිය සඳහන් කළා.

මෙම පියවරයන් මාර්ග අනතුරු අවම කර ගැනීමට සහ මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට උපකාරී වනු ඇතැයි බලධාරීන් අපේක්ෂා කරයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්