ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසන්නේ, අද (ජූලි 01) සිට බස් රථ රියදුරන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය බවයි.
මෝටර් රථ පනතේ ප්‍රතිපාදන අනුව බස් රථ රියදුරන් ආසන පටි පැළඳීම අනිවාර්ය වුවත්, පසුගිය කාලය පුරා බොහෝ රියදුරන් මෙම නීතිය නොසලකා හැර තිබුණා. මෙම තත්ත්වය හේතුවෙන් සිදුවූ අනතුරු සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාමක් වාර්තා වී ඇති බව සඳහන්.
මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින්, බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට යළි දැඩිව ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මෙම නීතිය අනුගමනය නොකරන රියදුරන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ඇත.
එසේම, බස් රථ සහ ත්‍රිරෝද රථ ඇතුළු අනෙකුත් වාහනවල සවිකර ඇති අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීමේ වැඩසටහනද අද සිට යළි ආරම්භ කරන බව පොලීසිය සඳහන් කළා.
මෙම පියවරයන් මාර්ග අනතුරු අවම කර ගැනීමට සහ මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට උපකාරී වනු ඇතැයි බලධාරීන් අපේක්ෂා කරයි.