හෙළකුරු Helago හඳුන්වා දෙයි: ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක්

මිලියන 4.4කට අධික පරිශීලක පිරිසක් සිටින ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Superapp එකක් වන හෙළකුරු, “මහජනයා සවිබලගැන්වීම” යන සිය දැක්ම යටතේ, helago නමින් නව ride-hailing ප්‍රවාහන සේවාවක්

මිතුරන් සමග බෙදාගන්න

මිලියන 4.4කට අධික පරිශීලක පිරිසක් සිටින ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Superapp එකක් වන හෙළකුරු, “මහජනයා සවිබලගැන්වීම” යන සිය දැක්ම යටතේ, helago නමින් නව ride-hailing ප්‍රවාහන සේවාවක් හඳුන්වා දී තිබෙනවා. මෙය සිංහල යතුරුපුවරුවක් ලෙස ඇරඹි හෙළකුරු Superapp ගමනේ මීළඟ අදියර ලෙස සනිටුහන් වේ.

හෙළකුරුට අයත් සුවිශාල ඩිජිටල් ප්‍රජාව තුළ, විවිධ අවශ්‍යතා ඇති සහ එම අවශ්‍යතා සපුරාලීමේ හැකියාව ඇති මිනිසුන් එකිනෙකාට මුණගැස්වීම සඳහා හැකියාවක් පවතින බව හෙළකුරු කණ්ඩායම අවබෝධ කරගෙන තිබෙනවා. එම හැකියාව උපයෝගී කරගනිමින්, මුලින්ම ප්‍රවාහන පහසුකම් සැපයිය හැකි අය සහ ප්‍රවාහන පහසුකම් ලබාගැනීමේ අවශ්‍යතාව ඇති අය එකිනෙකාට සම්බන්ධ කිරීමට ඔවුන් තීරණය කර ඇත.

ලංකාවේ දැනට පවතින ride-hailing ප්‍රවාහන සේවා සඳහා මොහොතින් මොහොත වෙනස්වන අද්භූත පාලන මිලක් නොව, සැමට සාධාරණ විවෘත මිලක් පැවතිය යුතු බව හෙළකුරු විශ්වාස කරයි. ඒ සඳහා නව්‍ය සහ පෙරළිකාර විසඳුමක් සහිතව, ride-hailing ප්‍රවාහන ක්ෂේත්‍රයේ නැවුම් වෙනසක් ඇති කිරීමට helago හඳුන්වා දෙන්නේ මේ නිසා බව හෙළකුරු නිවේදනය කරයි.

අද දින සිට ප්‍රවාහන පහසුකම් සැපයීමේ හැකියාව ඇති රියදුරුවරුන්ට හෙළකුරු Superapp එක හරහා #helago සමඟ ලියාපදිංචි වීමට පුළුවන්. මගීන් සඳහා helago එළිදැක්වෙන දිනය ඉක්මනින්ම දැනුම් දීමට නියමිතයි.

“ලංකාවේ මෙතෙක් අපි වෙනස් කළ දෑ මෙන්ම, මෙම ක්ෂේත්‍රයත් සැමට සාධාරණ ලෙස සහමුලින්ම වෙනස් කරන්නයි අපේ මේ වෑයම” යනුවෙන් හෙළකුරු වැඩිදුරටත් සඳහන් කරයි. helago සමඟ ළඟදීම සාධාරණ ගමනක් යන්න සූදානම් වන ලෙස ඔවුන් ජනතාවට ආරාධනා කරයි.

Helago සඳහා ලියාපදිංචිය වන ආකාරය

වෙනත් පුවත්

උණුසුම් පුවත්