2025 ජූනි 29 වැනිදා මීගමුවේ Avenra Garden Hotels හිදී අති උත්කර්ෂවත් ලෙස නිමාවට පත් වූ Miss Teen Sri Lanka 2025 අවසන් මහා තරගය, ශ්‍රී ලාංකේය රූපලාවණ්‍ය හා විලාසිතා ක්ෂේත්‍රයේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කළා. මෙය අතිශයින්ම ගාම්භීර නිරූපණ රාත්‍රියක් ලෙස බොහෝ දෙනාගේ පැසසුමට ලක් වුණා.
මෙම සුවිශේෂී උත්සවයේ අලංකාරයට තවදුරටත් එකතු කරමින්, ගරු ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය, ගරු ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා, සහ ගරු සුදේව හෙට්ටිආරච්චි මහතා ඇතුළු ප්‍රධාන ආරාධිත අමුත්තන් රැසක් මේ අවස්ථාවට සහභාගී වූවා.
මේ අති උත්කර්ෂවත් රාත්‍රියේදී, බොහෝ දෙනාගේ අවධානය දිනා ගනිමින් Miss Teen Sri Lanka 2025 කිරුළ අන්ජානා හේනටිගලට හිමි වූ අතර, Mrs Tourism 2025 කිරුළ දිල්රැක්ෂි ධර්මසිරි විසින් දිනා ගන්නා ලදී. මෙවර ජයග්‍රාහිකාවන් තේරීම සඳහා, හෂාන් රත්නායක, දසුනි සිනෙත්මා, නෙලුනි සෞන්දර්යා, ආශිකා මාතසිංහ, වත්සලා දියලගොඩ සහ ෆ්‍රැන්සි ප්‍රනාන්දු යන විනිසුරු මණ්ඩලයේ දායකත්වය අතිශයින් වැදගත් වුණා.
මෙම අති සාර්ථකත්වයේ නිර්මාතෘ, Miss Teen Sri Lanka 2025 හි ජාතික අධ්‍යක්ෂක චරිත් ගුණසේකර මහතා, මෙම දැවැන්ත ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට හැකිවීම පිළිබඳව සිය නිහතමානී සතුට ප්‍රකාශ කළා. “වසර ගණනාවක් පුරා මා කෙරෙහි තැබූ විශ්වාසයත්, ශ්‍රී ලංකාවේ දැවැන්තම හා වඩාත්ම සන්නාමගත නිරූපණ තරග වේදිකාවක් බිහි කිරීමට වෙහෙස වූ සියලු දෙනාගේම සහයෝගයත් තමයි මේ සාර්ථකත්වයට හේතු වුණේ,” ඔහු පැහැදිලි කළා. ලාංකේය නිරූපණ ක්ෂේත්‍රය තුළ නව වාර්තා පිහිටුවමින්, වසරේ විශාලතම Miss Teen රූ රැජිනට කිරුළ ලබා දුන් මේ තරගය, අනාගත පරම්පරාවට විශිෂ්ට ආදර්ශයක් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.
චරිත් ගුණසේකර මහතා තවදුරටත් කියා සිටියේ, මෙවන් දැවැන්ත සිදුවීමක් තනි පුද්ගලයෙකුගේ උත්සාහයෙන් පමණක් සාර්ථක කරගත නොහැකි බවයි. ඒ නිසා ඔහු, මේ සාර්ථකත්වය පිටුපස සිටි Miss Teen Sri Lanka අධ්‍යක්ෂක මණ්ඩලයට විශේෂයෙන්ම සිය ස්තූතිය පළ කළා. Event Producer – ඉසුරු ගුණසේකර, Event Manager – අනුෂි ගුණරත්න සහ Event Strategical Partner – නිරෝෂා මෙන්ඩිස් යන මහත්ම මහත්මීන්ගේ කැපවීම හා දායකත්වය මෙහිදී අතිශයින්ම තීරණාත්මක වුණා.
Miss Teen Sri Lanka 2025 කිරුළ දිනාගත් අන්ජානා හේනටිගලට, Mrs Tourism 2025 ලෙස අභිෂේක ලැබූ දිල්රැක්ෂි ධර්මසිරිටත්, මෙන්ම අනුශූරතාවයන් දිනාගත් මුතුනි මල්ෂා, සිතූකි පෙරේරා, මායුමි සංජුලා, සහ හසිනි වීරසූරිය යන සියලු දෙනාටත් ඉදිරි කටයුතු සඳහා අපගේ උණුසුම් සුබ පැතුම් පිරිනමනවා.
ශ්‍රී ලාංකේය නිරූපණ ක්ෂේත්‍රය මෙවන් දැවැන්ත සිදුවීම් සමඟින් තවදුරටත් ඉදිරියට ගෙන යාමට චරිත් ගුණසේකර මහතා ප්‍රමුඛ කණ්ඩායමට ශක්තිය ලැබීමට අප ප්‍රාර්ථනා කරනවා.
චායරුප සියල්ල නරබන්න – https://web.facebook.com/MissTeenSriLankaOfficial