සිරස්තල
බොලිවුඩ් කිං ෂාරුක් ඛාන් City of Dreams Sri Lanka විවෘත කිරීමට ලංකාවට දලයි ලාමාගේ 90 වැනි උපන්දිනයට පෙර අනුප්‍රාප්තිකයා පිළිබඳ ඉඟි? චීනය කෝපයට ඉන්දු-ඇමරිකා වෙළඳ ගිවිසුම ජූලි 8 වනදා ප්‍රකාශයට පත්වීමට නියමිතයි ඉන්ධන මිල සංශෝධනය වුවත් බස් ගාස්තු වෙනස් නැහැ බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසති නව හැවිරිදි දියණිය පොරවකින් කපා කොටා ඝාතනය කළ පියා අත්අඩංගුවට අද සිට බස් රියදුරන්ට ආසන පටි අනිවාර්යයි – නීතිය නොතකන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග කෝටි 3කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී සුඛෝපභෝගී වාහන දෙකක් පොලිස් භාරයට වෛද්‍ය සංජීව යළිත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකත්වයට ශ්‍රී ලංකාවේ කීර්තිය ජාත්‍යන්තරයට ගෙන යන Miss Teen Sri Lanka අවසන් තරගය අදයි හන්තාන කන්දේ අතරමං වූ සිසුන් 8 දෙනෙකු මුදා ගනී

බොලිවුඩ් කිං ෂාරුක් ඛාන් City of Dreams Sri Lanka විවෘත කිරීමට ලංකාවට

ලෝක ප්‍රකට ඉන්දීය සිනමා රජු ලෙස විරුදාවලිය ලත් සුපිරි නළු ෂාරුක් ඛාන්, 2025 අගෝස්තු 2 වන දින City of Dreams Sri Lanka විවෘත කිරීමේ උත්සවයේ

මිතුරන් සමග බෙදාගන්න

ලෝක ප්‍රකට ඉන්දීය සිනමා රජු ලෙස විරුදාවලිය ලත් සුපිරි නළු ෂාරුක් ඛාන්, 2025 අගෝස්තු 2 වන දින City of Dreams Sri Lanka විවෘත කිරීමේ උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වන බව නිල වශයෙන් දන්වා ඇත.

“කිං ඛාන්” ලෙසද හැඳින්වෙන මෙම සම්මානලාභී සුපිරි තරුවගේ පැමිණීම, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) සහ මෙල්කෝ රිසෝර්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් හි හවුල්කාරීත්වයෙන් නිම වූ, දකුණු ආසියාවේ ප්‍රථම පූර්ණ ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණයෙහි ඇති සුවිශේෂීත්වය මනාව පිළිබිඹු කරයි.

මෙම ව්‍යාපෘතිය පෞද්ගලික අංශය විසින් සිදු කරනු ලබන විශාලතම ආයෝජනය ලෙසද සැලකේ.

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් සහ සියලු පහසුකම්වලින් සමන්විත කැසිනෝ ශාලාවක්, අධි සුඛෝපභෝගී Nüwa හෝටල් සංකීර්ණයක් සහ සුපිරි සාප්පු සංකීර්ණයකින් සමන්විත මෙම දැවැන්ත ව්‍යාපෘතිය, දකුණු ආසියානු සංචාරක සහ සුඛෝපභෝගී හෝටල් ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ හදවත බඳු කොළඹ නගර මධ්‍යයේ පිහිටා ඇති City of Dreams Sri Lanka, සුපිරි හෝටල්, ජාත්‍යන්තර මට්ටමේ විනෝදාස්වාදය, සාප්පු සවාරි සහ MICE (Meetings, Incentives, Conferences, and Exhibitions) කාණ්ඩයේ අත්දැකීම් එකම ස්ථානයකට රැගෙන ඒම එහි ප්‍රධාන විශේෂත්වයයි.

ෂාරුක් ඛාන්ගේ පැමිණීම මෙම දැවැන්ත ව්‍යාපෘතියට තවත් ජාත්‍යන්තර අවධානයක් ගෙන එනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්