රාගම, බටුවත්ත ප්‍රදේශයේ ඊයේ (ජූලි 03) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
වාර්තා වන අන්දමට, ත්‍රිරෝද රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇත.
පොලීසිය සඳහන් කළේ, බටුවත්ත ග්‍රාම සංවර්ධන මාවතේ පිහිටි නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.
ඝාතනයට ලක් වූ මෙම පුද්ගලයා ‘ගණේමුල්ල සංජීව’ගේ සමීපතමයෙකු ලෙස සැලකෙන ‘ආමි උපුල්’ නමැත්තා බවට තොරතුරු වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.