සිරස්තල
Air India ගුවන් අනතුරට හේතුව එන්ජින් ඉන්ධන සැපයුම කපා හැරීම බව මූලික වාර්තාවක් කියයි. එරික් මේයර් ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපති ධුරයට යෝජනා වෙයි මස්ක්ගේ දේශපාලනය ටෙස්ලාට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සමාන මුදලක් අහිමි කරයි ෂී ජින්පිං කොහේද? චීනයේ තිරය පිටුපස ඇති බල අරගලය කුසල්-පැතුම් පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් YouTube වෙතින් ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීමක් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි බවට අනාවරණයක් ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ‘කෙහෙල්බද්දර පද්මේ’ අත්අඩංගුවට පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10ක් මරුට ඉන්ධන බෙදාහැරීම ඒකාධිකාරියකට?

එරික් මේයර් ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපති ධුරයට යෝජනා වෙයි

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අමෙරිකා එක්සත් ජනපදයේ නව අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපති ලෙස, කැලිෆෝනියාවේ එරික් මේයර් මහතා පත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

මිතුරන් සමග බෙදාගන්න

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අමෙරිකා එක්සත් ජනපදයේ නව අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපති ලෙස, කැලිෆෝනියාවේ එරික් මේයර් මහතා පත් කිරීමට නියමිත බව වාර්තා වනවා. අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඔහුගේ නම මේ වන විට එරට සෙනෙට් සභාවට යෝජනා කර තිබෙනවා.

ඔහු අමෙරිකානු විදේශ සේවයේ ජ්‍යේෂ්ඨ වෘත්තීය සාමාජිකයෙක් වන අතර, දැනට දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු ලෙස කටයුතු කරනවා. ඇෆ්ගනිස්තානය, ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව ඇතුළු කලාපයේ රටවල් ගණනාවක ප්‍රතිපත්ති ප්‍රමුඛතා සම්බන්ධීකරණය කිරීමේ වගකීම ඔහුට පැවරී තිබීම විශේෂත්වයක්.

මීට පෙර ඔහු නෝර්වේ හි එක්සත් ජනපද දූත මණ්ඩලයේ භාරකරු ලෙසත්, උතුරු මැසිඩෝනියාවේ සහ කාම්බෝජයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානියා ලෙසත් සේවය කර තිබෙනවා.

එරික් මේයර් කැලිෆෝනියා බර්ක්ලි විශ්වවිද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ඇති අතර, ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයෙන් MBA උපාධියක්ද හිමි කරගෙන තිබෙනවා.

ඔහු රාජ්‍ය දෙපාර්තමේන්තු උසස් සහ කුසලතා ගෞරව සම්මාන කිහිපයක් දිනා ඇති අතර, ඩෙන්මාර්ක, ප්‍රංශ, කෙමර්, රුසියානු සහ ස්පාඤ්ඤ භාෂා චතුර ලෙස හැසිරවීමේ හැකියාවද ඔහු සතුයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්