සිරස්තල
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ඉෂාරා සෙව්වන්දිගේ මව මියයයි Air India ගුවන් අනතුරට හේතුව එන්ජින් ඉන්ධන සැපයුම කපා හැරීම බව මූලික වාර්තාවක් කියයි. එරික් මේයර් ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපති ධුරයට යෝජනා වෙයි මස්ක්ගේ දේශපාලනය ටෙස්ලාට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සමාන මුදලක් අහිමි කරයි ෂී ජින්පිං කොහේද? චීනයේ තිරය පිටුපස ඇති බල අරගලය කුසල්-පැතුම් පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් YouTube වෙතින් ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීමක් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි බවට අනාවරණයක් ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ‘කෙහෙල්බද්දර පද්මේ’ අත්අඩංගුවට පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10ක් මරුට

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ඉෂාරා සෙව්වන්දිගේ මව මියයයි

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දිගේ මව, හෘදයාබාධයක් හේතුවෙන් පසුගිය 11 වැනිදා වැලිකඩ බන්ධනාගාරයේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. මෙම ඝාතනයට

මිතුරන් සමග බෙදාගන්න

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දිගේ මව, හෘදයාබාධයක් හේතුවෙන් පසුගිය 11 වැනිදා වැලිකඩ බන්ධනාගාරයේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

මෙම ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනා මත ඇය සහ ඇයගේ පුත්‍රයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

මේ අතර, මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් වන කෙහෙල්බද්දර පද්මේ, ඔහුගේ අනියම් බිරිඳ සහ කමාන්ඩෝ සලින්ත මැලේසියාවේ සිට තායිලන්තය බලා බෝට්ටුවකින් පළා යමින් සිටියදී පසුගිය 09 වැනිදා මැලේසියානු ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙරට පොලිසිය එම පුවත තහවුරු කළ අතර, ඔවුන් රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් මැලේසියාවටත්, තවත් කණ්ඩායමක් තායිලන්තයටත් පිටත් කර යැවීමට පියවර ගනු ලැබුවා.

කෙසේ වෙතත්, පොලිස් ආරංචි මාර්ග පැවසුවේ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු තිදෙනා මැලේසියානු පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගොස් ඇති බවයි. ඒ අනුව, ඔවුන් රැගෙන ඒමට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හෙට (14) යළි මෙරටට පැමිණීමට නියමිත බවද වාර්තා වනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්