කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ, දෙහිඕවිට, තැඹිලියන ප්‍රදේශයේදී අද (අගෝස්තු 02) උදෑසන සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 35 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
දැරණියගල සිට අවිස්සාවේල්ල කර්මාන්තපුරය දක්වා සේවකයින් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
තුවාල ලැබූ සියලු දෙනා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව ‘දසත නිවුස්’ වාර්තාකරු සඳහන් කළා. අනතුරට හේතුව සම්බන්ධයෙන් පොලීසිය මේ වන විටත් විමර්ශන ආරම්භ කර තිබෙනවා.