සිරස්තල
2026 ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නවතී රුපියල් බිලියන 3ක හෙරොයින් සමඟ බහුදින යාත්‍රාවක් දික්ඕවිටට, බේරුවලදී තවත් වැටලීමක් රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක් ලෝක තෙල් මිල යළිත් ඩොලර් 100 සීමාව පනී ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

කන්ද උඩරට ඇසළ පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ

ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහැර මහා මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද (08) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දැල මහතා පැවසුවේ, පසුගිය

මිතුරන් සමග බෙදාගන්න

ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහැර මහා මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද (08) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි.

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දැල මහතා පැවසුවේ, පසුගිය ජූලි 30 වැනිදා ආරම්භ වූ ඇසළ පෙරහැර මංගල්‍යය දින 9ක් වීථි සංචාරය කිරීමෙන් අනතුරුව එහි අවසන් රන්දෝලි පෙරහැර අද පස්වරුවේ වීථි සංචාරය කරන බවයි.

අවසන් රන්දෝලි පෙරහැර නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයින් මෙන්ම බෞද්ධ බැතිමතුන් රැසක් මේ වනවිටත් මහනුවර නගරයට පැමිණෙමින් සිටිනවා. ඔවුන් සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇති බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන්ද මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය ප්‍රකාශ කළා.

එමෙන්ම, පෙරහැර මංගල්‍යය සඳහා සහභාගී වන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් අද දිනයේ ද විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක්කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්