සිරස්තල
කජු වත්තකට හොරෙන් පැනපු අයෙකුට මුරකරු වෙඩි තියයි තලවතුගොඩ අවන්හලක දරුණු ගින්නක් හතර දෙනෙකුට බරපතලයි හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහාධිකරණයෙන් වරදකරු කෙරේ සංඥා නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී දෙදෙනෙක් ජීවිතක්ෂයට රටට අවශ්‍ය තරම් ඉන්ධන රැගත් නෞකා දෙකක් හෙට සහ අනිද්දා දිවයිනට වර්ෂාව මැද කොදෙව් දේශයේදී ශ්‍රී ලංකාව ඓතිහාසික වාර්තාවක් තබයි ඉතියෝපියාවේදී පැහැරගත් ලාංකිකයින් 3 දෙනා නිරුපද්‍රිතව මුදාගනියි සුරේෂ් සලේ වෙනුවෙන් ඔහුගේ මව ද විරෝධතාවට එක්වෙයි සිරිල් ගාමිණී පියතුමාගෙන් දැඩි අනතුරු ඇඟවීමක් සුරේෂ් සලේට අමානුෂික ලෙස සලකනවාට එරෙහිව කොටුවේදී සත්‍යග්‍රහයක් අරඹයි

රඳවා ගත් BYD වාහන නිදහස් කිරීමට රේගුව එකඟ වෙයි

ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින තෝරාගත් BYD වාහන මාදිලි කිහිපයක් බැංකු ඇප මත නිදහස් කිරීමට රේගුව එකඟ වී තිබෙනවා. මෙම තීරණයට එළඹී ඇත්තේ, BYD

මිතුරන් සමග බෙදාගන්න

ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින තෝරාගත් BYD වාහන මාදිලි කිහිපයක් බැංකු ඇප මත නිදහස් කිරීමට රේගුව එකඟ වී තිබෙනවා. මෙම තීරණයට එළඹී ඇත්තේ, BYD වාහනවල මෙරට බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG) විසින් පසුගිය අගෝස්තු 04 දින අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ රිට් පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදීයි.

මෙම තීරණය සම්බන්ධයෙන් JKCG සමාගම විසින් නිකුත් කරන ලද නිල ප්‍රකාශයේ සඳහන් වන්නේ, ඔවුන්ගේ නීතිඥ කණ්ඩායම විසින් ගනු ලැබූ පියවරවල ප්‍රතිඵලයක් ලෙස රේගුව මෙම වාහන නිදහස් කිරීමට එකඟ වූ බවයි. එමෙන්ම, මෙම ක්‍රියාවලිය හැකි ඉක්මනින් සම්පූර්ණ කර, පාරිභෝගිකයින්ට ඔවුන්ගේ වාහන ලබා දීමට කටයුතු කරන බවද එම ප්‍රකාශයේ දැක්වේ.

මෙම තීරණය, BYD වාහන අපේක්ෂාවෙන් සිටි පාරිභෝගිකයින්ට මෙන්ම වාහන වෙළඳපොළට ද ශුභවාදී පණිවිඩයක් ලබා දෙයි.

 

වෙනත් පුවත්

උණුසුම් පුවත්