සිරස්තල
රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක් ලෝක තෙල් මිල යළිත් ඩොලර් 100 සීමාව පනී ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට ලෝක තෙල් මිලේ සීඝ්‍ර පහළ යාමක් ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි මැදපෙරදිග යුද්ධය උත්සන්න වෙයි, ඉරාන යාත්‍රා 16ක් විනාශයි – ලෝක උරුම මාලිගාවටත් ප්‍රහාර

මින්නේරිය රිය අනතුරකින් 26 දෙනෙකුට තුවාල

කොළඹ – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ, මින්නේරිය, බටුඔය ප්‍රදේශයේ අද (අගෝස්තු 12) අලුයම සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයන් 26 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලීසිය සඳහන් කළේ,

මිතුරන් සමග බෙදාගන්න

කොළඹ – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ, මින්නේරිය, බටුඔය ප්‍රදේශයේ අද (අගෝස්තු 12) අලුයම සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයන් 26 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, අද අලුයම 3:00ට පමණ මාදුරුඔය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් ඉදිරියෙන් පැමිණි ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

තුවාල ලැබූ පුද්ගලයන් පොළොන්නරුව, මින්නේරිය සහ හිඟුරක්ගොඩ රෝහල් වෙත ඇතුළත් කර තිබෙනවා. රෝහල් ආරංචි මාර්ග අනුව, තුවාල ලැබූවන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.

මින්නේරිය පොලීසිය මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා. අනතුරට හේතුව පිළිබඳ තොරතුරු තවමත් අනාවරණය වී නැහැ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්