සිරස්තල
අවසරයකින් තොරව ඩ්‍රෝන පියාසර කිරීම තහනම් දුම්රිය ගමන් වාර සීමා වෙයි – බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට, මැදපෙරදිග සැපයුම් ජාලය යළි සක්‍රිය වෙයි බදාදා නිවාඩුවට හේතුව මෙන්න, පොදු ප්‍රවාහනයත් සීමා වෙයි ලෝක කුසලාන පාපන්දු තරග මෙක්සිකෝවට මාරු කරන්නැයි ඉරානයෙන් ඉල්ලීමක් මෙරට පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන්නේ මේ දින දක්වායි සෑම බදාදා දිනකම විශේෂ රජයේ නිවාඩුවක් උපකාරක පන්ති සහ උත්සව තහනම් කාබුල් පුනරුත්ථාපන රෝහලකට ගුවන් ප්‍රහාරයක්, 400ක් මරුට “ප්‍රාණ පරිත්‍යාගීන්ගේ ලේ වෙනුවෙන් පළිගන්නවා” – ඉරාන නාවික හමුදාපතිගෙන් මාරාන්තික අනතුරු ඇඟවීමක්

හෝමාගම හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුවට වෙඩි තබා ඝාතනය කරයි

අද (අගෝස්තු 12) දහවල් හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන ශාන්ත මුදුන්කොටුව මහතාට මීගොඩ, ආටිගල මාවතේදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී

මිතුරන් සමග බෙදාගන්න

අද (අගෝස්තු 12) දහවල් හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන ශාන්ත මුදුන්කොටුව මහතාට මීගොඩ, ආටිගල මාවතේදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී සිදුවූ මෙම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ඔහු හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත.

අප වාර්තාකරු සඳහන් කළේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි. මිය යන විට 46 හැවිරිදි වියේ පසුවූ ඔහු, වටරැක, පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වෙඩි තැබීමට හේතුව හෝ ඒ සඳහා යොදාගත් ගිනි අවිය පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ. කෙසේ වෙතත්, මියගිය ශාන්ත මුදුන්කොටුව මහතා ඉඩම් ආරවුල් සම්බන්ධයෙන් මීට පෙර පොලීසියට පැමිණිලි කිහිපයක් ඉදිරිපත් කර ඇති බව අනාවරණය වී තිබෙනවා.

මීගොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්