සිරස්තල

සිංගර් ජෝන් ඩියර් ට්‍රැක්ටර් ගැන අපූරු තීරණයක්

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට නව තාක්ෂණය හඳුන්වා දෙමින් විශිෂ්ට සේවාවක් සපයන සිංගර් ශ්‍රී ලංකා සමාගම, සිය පැරණිතම ජෝන් ඩියර් (John Deere) ට්‍රැක්ටර් පාරිභෝගිකයින්ට උපහාර දැක්වීමේ විශේෂ

මිතුරන් සමග බෙදාගන්න

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට නව තාක්ෂණය හඳුන්වා දෙමින් විශිෂ්ට සේවාවක් සපයන සිංගර් ශ්‍රී ලංකා සමාගම, සිය පැරණිතම ජෝන් ඩියර් (John Deere) ට්‍රැක්ටර් පාරිභෝගිකයින්ට උපහාර දැක්වීමේ විශේෂ උත්සවයක් පසුගියදා දඹුල්ලේදී පැවැත්වූවා.

මෙම උත්සවයේදී තෝරාගත් පැරණිතම පාරිභෝගිකයින් 30 දෙනෙකු සඳහා සිංගර් රූපවාහිනී යන්ත්‍ර ප්‍රදානය කිරීම සිංගර් ශ්‍රී ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් අතින් සිදු කෙරුණා. ට්‍රැක්ටර් පාරිභෝගිකයින් සඳහා මෙවැනි උපහාර පිදීමේ උත්සවයක් ලංකාවේ පැවැත්වුණු ප්‍රථම අවස්ථාව මෙයයි.

මෙයට අමතරව, සෑම පාරිභෝගිකයෙකු සඳහාම මිලදී ගන්නා නව ජෝන් ඩියර් ට්‍රැක්ටර් සඳහා රු. 250,000ක වට්ටමක්ද හිමි වුණා.

ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගත් සිංගර් සමාගම, 2019 වසරේදී අමෙරිකාවේ විශාලතම සමාගමක් වන ජෝන් ඩියර් ට්‍රැක්ටර් මෙරටට හඳුන්වා දුන්නා. ලොව ඉහළම තාක්ෂණයෙන් හා ප්‍රමිතියෙන් යුත් මෙම ට්‍රැක්ටර්, කල්පැවැත්ම, කාර්යක්ෂමතාව සහ රළු බිම්වල පහසුවෙන් වැඩ කිරීමේ හැකියාව නිසා මෙරට ගොවි ජනතාව අතර ඉතා ජනප්‍රිය වී තිබෙනවා.

පාරිභෝගික අදහස් දක්වමින් පැවසුවේ John Deere 5047D, 5045D සහ 5050D මාදිලි ට්‍රැක්ටර් වෙළඳපොළ තුළ පෙරළිකාර වෙනසක් සිදුකර ඇති බවයි.

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා මෙම අවස්ථාවේදී අදහස් දක්වමින්, “සිංගර් සමාගම සහ ජෝන් ඩියර් විශ්වාස කරමින් අප සමඟින් දිගු කාලයක් රැඳී සිටීම ගැන අප අපේ පාරිභෝගිකයින්ට ස්තූතිවන්ත වෙනවා. ලෝකයේ ඉහළම තාක්ෂණය සමගින් ඉදිරියටත් ජෝන් ඩියර් ට්‍රැක්ටර් සහ උපාංග ඔබට ලබා දීමට සිංගර් ශ්‍රී ලංකා සමාගම කැපවී සිටිනවා” යනුවෙන් ප්‍රකාශ කළා.

ජෝන් ඩියර් ට්‍රැක්ටර් දිවයින පුරා අලෙවි නියෝජිතවරුන්ගෙන් සහ සිංගර් ශාඛාවලින් ලබා ගත හැකි අතර, පහසු ගෙවීමේ ක්‍රම යටතේ ට්‍රැක්ටර් මිලදී ගැනීමටද සිංගර් අවස්ථාව සලසා දී තිබෙනවා. මෙය මෙරට කෘෂි ක්ෂේත්‍රයේ නියුතු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මහඟු පිටිවහලක් වනු නොඅනුමානයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්