සිරස්තල

හිටපු ලොතරැයි මණ්ඩල අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව අත්අඩංගුවට

අධිකරණය මග හරිමින් සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතා අද (අගෝස්තු 19) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ

මිතුරන් සමග බෙදාගන්න

අධිකරණය මග හරිමින් සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතා අද (අගෝස්තු 19) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (18) දින ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර තිබුණා. කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් මෙම වරෙන්තුව නිකුත් කරනු ලැබුවා.

මෑතකදී නාරාහේන්පිට ප්‍රදේශයේදී තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. එම විමර්ශනයට අදාළව පොලීසිය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම වරෙන්තුව නිකුත් කළ බවයි වාර්තා වන්නේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්