සිරස්තල

ශ්‍රී ලාංකිකයින් 10,000කට තායිලන්තයේ රැකියා අවස්ථා

තායිලන්ත කැබිනට් මණ්ඩලය විසින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 10,000ක් බඳවා ගැනීම සඳහා අනුමැතිය ලබාදී තිබෙනවා. සිය රට තුළ පවතින ශ්‍රම හිඟය පියවා ගැනීම සඳහා මෙම පියවර

මිතුරන් සමග බෙදාගන්න

තායිලන්ත කැබිනට් මණ්ඩලය විසින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 10,000ක් බඳවා ගැනීම සඳහා අනුමැතිය ලබාදී තිබෙනවා. සිය රට තුළ පවතින ශ්‍රම හිඟය පියවා ගැනීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

දේශසීමා ගැටුමක් හේතුවෙන් කාම්බෝජ ශ්‍රමිකයින් නැවත සිය රට බලා ගිය නිසා තායිලන්තයේ මෙම ශ්‍රම හිඟය ඇති වී තිබෙනවා. කෙසේ වෙතත්, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ දත්ත පෙන්වා දෙන්නේ තායිලන්තයේ වයස්ගත ජනගහනය ඉහළ යාම සහ ශ්‍රම බළකාය අඩුවීම හේතුවෙන් කෘෂිකර්මාන්තය, ඉදිකිරීම් සහ නිෂ්පාදන අංශ සඳහා මිලියන 3ක පමණ විදේශීය ශ්‍රමිකයින් මත යැපීමට සිදුවී ඇති බවයි.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු නේපාලය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව සහ පිලිපීනය වැනි රටවල සේවකයින්ට තායිලන්තයේ රැකියා අවස්ථා ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

තායිලන්ත බලධාරීන් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවෙන් දැනටමත් ශ්‍රමිකයින් 30,000කට වැඩි පිරිසක් ලියාපදිංචි වී ඇති බවයි. පළමු අදියරේදී මෙම 10,000ක ශ්‍රමිකයින් පිරිසට තායිලන්තයේ රැකියා අවස්ථා හිමිවන බවද ඔවුන් සඳහන් කරයි.

මෙම අවස්ථාව ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට විදේශ රැකියා වෙළෙඳපොළ තුළ නව මානයක් විවෘත කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්