සිරස්තල

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට නොතීසි

මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය අද

මිතුරන් සමග බෙදාගන්න

මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය අද (අගෝස්තු 22) නොතීසි නිකුත් කළා.

ඔහුගේ බෑණාවන අර්ජුන් ඇලෝසියස්ගේ සමාගමට මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර රජයට රුපියල් බිලියන 10කට අධික පාඩුවක් කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

අල්ලස් කොමිසම විසින් කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසු මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කර ඇති අතර, ලබන මස 26 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහේන්ද්‍රන් මහතාට දැනුම් දී තිබෙනවා.

මෙම සිද්ධිය, ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ඉතිහාසයේ ආන්දෝලනාත්මකම සිදුවීමක් ලෙස සැලකෙන අතර, අධිකරණයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුවී තිබෙනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්