සිරස්තල
ඉරාන තෙල් සම්බාධක ඉවත් කිරීමට ඇමෙරිකාවෙන් සැරසෙයි අද (20) සවස් කාලයේ දිස්ත්‍රික්ක කිහිපයකට වැසි සහ ගිගුරුම් මිත්තණිය සමඟ වැවේ දිය නෑමට ගිය 9 හැවිරිදි දැරියක් කිඹුලෙකුට බිලිවෙයි ඉරාන හැකර්වරුන්ගේ වෙබ් අඩවි 4ක් FBI භාරයට සූකර ගොවීන්ට අලුත් රක්ෂණයක් “බලශක්ති මධ්‍යස්ථාන සහමුලින්ම විනාශ කරනවා” – ඉරානයෙන් අමෙරිකාවට සහ ඊශ්‍රායලයට දරුණු අනතුරු ඇඟවීමක් ශ්‍රී ලංකාවට අඛණ්ඩව ඉන්ධන ලබාදීමට කටාර් එමීර්වරයාගෙන් සහතිකයක් පරණ QR එක අලුත් කරගන්න අද (19) සිට නව පහසුකමක්, වෙනත් අංකවලට ලියාපදිංචි කළ වාහනවලට විසඳුම් ඉන්ධන නිකුත් කිරීමේදී අද (19) සිට ‘ඔත්තේ-ඉරට්ටේ’ ක්‍රමය ක්‍රියාත්මකයි අවසරයකින් තොරව ඩ්‍රෝන පියාසර කිරීම තහනම්

මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික කාන්තාවක් ඝාතනය කරයි: සැකකරු ලාංකිකයෙක්

මහා බ්‍රිතාන්‍යයේ කාඩිෆ් නගරයේ වීදියකදී ශ්‍රී ලාංකික කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් 37 හැවිරිදි ශ්‍රී ලාංකික පුද්ගලයෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. පසුගිය බ්‍රහස්පතින්දා (අගෝස්තු 21) පෙරවරුවේ

මිතුරන් සමග බෙදාගන්න

මහා බ්‍රිතාන්‍යයේ කාඩිෆ් නගරයේ වීදියකදී ශ්‍රී ලාංකික කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් 37 හැවිරිදි ශ්‍රී ලාංකික පුද්ගලයෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

පසුගිය බ්‍රහස්පතින්දා (අගෝස්තු 21) පෙරවරුවේ කාඩිෆ් හි රිවර්සයිඩ් ප්‍රදේශයේ සවුත් මෝගන් හි බරපතළ තුවාල ලැබූ කාන්තාවක් පිළිබඳව ආරක්ෂක අංශ වෙත තොරතුරක් ලැබී තිබුණා. එලෙස තුවාල ලැබූ කාන්තාව 32 හැවිරිදි නිවුන්හැල්ලගේ දෝන නිරෝධා කල්පනී නිවුන්හැල්ල වන බවට හඳුනාගෙන ඇති අතර, ඇය එම ස්ථානයේදීම මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

සිද්ධියෙන් ටික වේලාවකට පසු පොලීසිය විසින් පෙන්ට්වින් ප්‍රදේශයේ පදිංචි තිසර වේරගලගේ නම් 37 හැවිරිදි ලාංකිකයෙකු, මනුෂ්‍ය ඝාතන චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ඛේදජනක සිදුවීම සම්බන්ධයෙන් නිරෝධාගේ පවුලට සහ හිතවතුන්ට සිය බලවත් ශෝකය පල කරන බව ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී මැතිව් ඩේවිස් සඳහන් කළා.

එමෙන්ම, සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු දන්නා අයෙක් වේ නම්, ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස එරට ආරක්ෂක අංශ ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම, අගෝස්තු 21 වැනිදා උදෑසන 7.30 ත් 8.30 ත් අතර කාලය තුළ සිද්ධිය වූ ස්ථානයේ හෝ ඒ අවටදී අළු පැහැති ෆෝඩ් ෆියෙස්ටා (Ford Fiesta) වර්ගයේ මෝටර් රථයක් සම්බන්ධව කිසියම් තොරතුරක් දන්නා අයෙක් වේ නම්, ඒ පිළිබඳව ද දන්වන ලෙස ආරක්ෂක අංශ වැඩිදුරටත් ඉල්ලීමක් කර තිබෙනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්