සිරස්තල
රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක් ලෝක තෙල් මිල යළිත් ඩොලර් 100 සීමාව පනී ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට ලෝක තෙල් මිලේ සීඝ්‍ර පහළ යාමක් ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි මැදපෙරදිග යුද්ධය උත්සන්න වෙයි, ඉරාන යාත්‍රා 16ක් විනාශයි – ලෝක උරුම මාලිගාවටත් ප්‍රහාර

ලංගම-පෞද්ගලික බස් ඒකාබද්ධ ගමන්වාර අද සිට

කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි පෞද්ගලික බස්රථ අංගනයේ සිට, ලංගම සහ පෞද්ගලික බස් රථ ඒකාබද්ධ ගමන්වාර අද (අගෝස්තු 26) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කරන බව ජාතික

මිතුරන් සමග බෙදාගන්න

කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි පෞද්ගලික බස්රථ අංගනයේ සිට, ලංගම සහ පෞද්ගලික බස් රථ ඒකාබද්ධ ගමන්වාර අද (අගෝස්තු 26) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව නිවේදනය කළා.

ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවේ, මෙම ඒකාබද්ධ සේවාව යටතේ බස් රථ නිෂ්චිත වේලාවකට පිටත්වී, නිෂ්චිත වේලාවට ගමනාන්තය වෙත ළඟා වනු ඇති බවයි. “ඒ වගේම පිටත්වෙන බස් රථයෙන් බස් රථයට ඇති කාල පරාසය නිෂ්චිත කරලා තියෙනවා,” ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මෙම ඒකාබද්ධ කාලසටහන යාපනය, මන්නාරම සහ තලෙයිමන්නාරම වැනි ප්‍රධාන මාර්ග ඔස්සේ කොළඹට පිවිසෙන සහ කොළඹින් පිටවන බස්රථ සඳහා මුලින්ම ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

කෙසේ වෙතත්, රජයේ මෙම තීරණයට එරෙහිව ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තීය සංගම් විරෝධය පළ කරනවා. ශ්‍රී ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සමිතියේ ප්‍රධාන ලේකම් බන්දුල රත්නායක මහතා ප්‍රකාශ කළේ, මෙම තීරණයට තමන් දැඩි ලෙස විරුද්ධ වන බවයි.

මෙම තීරණයට එරෙහිව ඊයේ (අගෝස්තු 25) කොළඹ මධ්‍යම බස් නැවතුම්පළ තුළ වෘත්තීය සමිති සාමාජිකයින් විරෝධතාවක ද නිරත වුණා. මෙම තත්ත්වය ඉදිරියේදී ප්‍රවාහන සේවා කෙරෙහි කෙසේ බලපානු ඇතිද යන්න පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුවී තිබෙනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්