සිරස්තල
“ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි “ඒහිපස්සිකෝ” සාමයේ පා ගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි

ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂට විනය පරීක්ෂණයක්

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට අපේක්ෂා කරන බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසනවා. මාධ්‍ය

මිතුරන් සමග බෙදාගන්න

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට අපේක්ෂා කරන බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය හංසක විජේමුණි මහතා ප්‍රකාශ කළේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ තොරතුරු මාධ්‍යයට හෙළි කිරීම සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය සිදුකරන බවයි.

“රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ප්‍රකාශ නිකුත් කරලා තිබ්බා කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙක්. ඔහුට එහෙම නිවේදන නිකුත් කිරීමට කිසිම අයිතියක් නෑ. රෝගියෙක්ගේ තොරතුරු ඔහු කුමන තරාතිරමක වුවත් ජනමාධ්‍යකට ලබාදීමට කිසිදු අයිතියක් නෑ. ඔහුගේ සමහර ක්‍රියාකලාප නීත්‍යානුකූල නෑ. විශේෂයෙන්ම හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ඔහුට එළියට නිවේදන නිකුත් කිරීමේ කිසිම හැකියාවක් නෑ” යනුවෙන් වෛද්‍ය විජේමුණි වැඩිදුරටත් සඳහන් කළා.

මෙම විනය පරීක්ෂණය, රෝගීන්ගේ පුද්ගලිකත්වය සහ වෛද්‍ය තොරතුරුවල රහස්‍යභාවය පිළිබඳව වැදගත් සාකච්ඡාවක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්