මධ්‍යම අධිවේගී මාර්ගයේ අනතුරක්: එක් අයෙක් මිය යයි

මධ්‍යම අධිවේගී මාර්ගයේ 91 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේ සිදුවූ දරුණු රිය අනතුරකින් එක් පුද්ගලයෙක් මියගොස් තවත් අයෙක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අද

මිතුරන් සමග බෙදාගන්න

මධ්‍යම අධිවේගී මාර්ගයේ 91 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේ සිදුවූ දරුණු රිය අනතුරකින් එක් පුද්ගලයෙක් මියගොස් තවත් අයෙක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අද (සැප්තැම්බර් 03) අලුයම ලොරි රථයක් සහ බව්සර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවූ බව පොලීසිය පවසනවා.

අනතුරින් මියගොස් ඇත්තේ ලොරි රථයේ ගමන් කළ රිය සහායකයා බවට හඳුනාගෙන තිබෙනවා. පොලීසිය සිදුකළ විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ තවත් පුද්ගලයෙක් ලොරි රථයට යටවී සිටින බවයි.

මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. රියදුරන් වඩාත් ප්‍රවේශම් විය යුතු බව පොලීසිය අවධාරණය කරනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්