‘මහසිලු’ නම් ඇතාගේ මළ සිරුර හමුවෙයි

බුත්තල සහ ඔක්කම්පිටිය ප්‍රදේශවල සැරිසරමින් සිටි ‘මහසිලු’ නම් ඇතාගේ මළ සිරුර ඔක්කම්පිටිය, ඉලුක්පිටිය ප්‍රදේශයේ වෙල් යායක තිබී අද (සැප්තැම්බර් 11) උදෑසන සොයාගෙන තිබෙනවා. හොඳින් වැඩුණු

මිතුරන් සමග බෙදාගන්න

බුත්තල සහ ඔක්කම්පිටිය ප්‍රදේශවල සැරිසරමින් සිටි ‘මහසිලු’ නම් ඇතාගේ මළ සිරුර ඔක්කම්පිටිය, ඉලුක්පිටිය ප්‍රදේශයේ වෙල් යායක තිබී අද (සැප්තැම්බර් 11) උදෑසන සොයාගෙන තිබෙනවා.

හොඳින් වැඩුණු දළ දෙකක් සහිතව එම ප්‍රදේශයේ ප්‍රකටව සිටි මෙම ඇතාගේ මරණයට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නැහැ. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා ඇතාගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතයි.

මෙම අලියාගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට වනජීවී නිලධාරීන් විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මොනරාගල වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

ප්‍රදේශවාසීන් මහත් ප්‍රිය කළ මෙම ඇතාගේ මරණය පිළිබඳව ඔවුන් දැඩි කණගාටුවක් පළ කරන බව වාර්තා වේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්