සිරස්තල
ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම අරඹයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමුළුව අද කොළඹින් ඇරඹේ අද (11) රාත්‍රියේ ප්‍රබල අකුණු සහ ගිගුරුම් සහිත වැසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද එංගලන්තය සමඟ තරඟයට ට්‍රම්ප්ගෙන් චීනයට 100% දැඩි තීරුබදු පහරක් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පාපන්දු ලොවේ පළමු බිලියනපති ක්‍රීඩකයා බවට පත්වෙයි වාර්තාගත වර්ධනයක්! UK වෙළෙඳපොළ BYD හි විශාලතම විදේශීය EV වෙළෙඳපොළ බවට පත් වෙයි ‘පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ඉන්දියාවට සම්බන්ධයි’ යන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයි ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසගත වෙයි! මෙරට රන් පවුම රු. 314,000 ඉක්මවයි පෑන් හැඩැති අර්ධ ස්වයංක්‍රීය ගිනි අවියක් සමඟ තරුණයෙක් ගාල්ලේදී දැලේ

පෑන් හැඩැති අර්ධ ස්වයංක්‍රීය ගිනි අවියක් සමඟ තරුණයෙක් ගාල්ලේදී දැලේ

පෑනක ආකාරයට සකස් කරන ලද විදේශීය රටක නිෂ්පාදිත අර්ධ ස්වයංක්‍රීය ගිනි අවියක් සහ ඊට යොදන උණ්ඩ දෙකක් සමඟ තරුණයෙකු ගාල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙම

මිතුරන් සමග බෙදාගන්න

පෑනක ආකාරයට සකස් කරන ලද විදේශීය රටක නිෂ්පාදිත අර්ධ ස්වයංක්‍රීය ගිනි අවියක් සහ ඊට යොදන උණ්ඩ දෙකක් සමඟ තරුණයෙකු ගාල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු ඊයේ (ඔක්තෝබර් 06) ගාල්ල, මාපලගම මධ්‍යම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් පුද්ගලයා විසිතුන් හැවිරිදි වියේ පසුවන්නෙකි. වාර්තා වන පරිදි, මෙම සැකකරු මීට පෙරද ගිනි අවියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුට මෙම සුවිශේෂී පෙනුමකින් යුත් විදේශීය ගිනි අවිය ලැබුණේ කෙසේද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

මේ සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්