සිරස්තල
ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම අරඹයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමුළුව අද කොළඹින් ඇරඹේ අද (11) රාත්‍රියේ ප්‍රබල අකුණු සහ ගිගුරුම් සහිත වැසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද එංගලන්තය සමඟ තරඟයට ට්‍රම්ප්ගෙන් චීනයට 100% දැඩි තීරුබදු පහරක් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පාපන්දු ලොවේ පළමු බිලියනපති ක්‍රීඩකයා බවට පත්වෙයි වාර්තාගත වර්ධනයක්! UK වෙළෙඳපොළ BYD හි විශාලතම විදේශීය EV වෙළෙඳපොළ බවට පත් වෙයි ‘පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ඉන්දියාවට සම්බන්ධයි’ යන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයි ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසගත වෙයි! මෙරට රන් පවුම රු. 314,000 ඉක්මවයි පෑන් හැඩැති අර්ධ ස්වයංක්‍රීය ගිනි අවියක් සමඟ තරුණයෙක් ගාල්ලේදී දැලේ

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසගත වෙයි! මෙරට රන් පවුම රු. 314,000 ඉක්මවයි

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ ප්‍රථම වතාවට වාර්තාගත ලෙස ඉහළ යමින් ඇත. රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 3,950 සීමාව පසු කර ඇති අතර, එය මේ

මිතුරන් සමග බෙදාගන්න

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ ප්‍රථම වතාවට වාර්තාගත ලෙස ඉහළ යමින් ඇත.

රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 3,950 සීමාව පසු කර ඇති අතර, එය මේ වන විට ඩොලර් 3,956.53ක් ලෙස සටහන් වේ.

ලෝක වෙළෙඳපොළේ මෙම මිල ඉහළ යෑමට සමගාමීව ශ්‍රී ලංකාවේ රන් මිලෙහි ද කැපී පෙනෙන වර්ධනයක් සිදුව තිබේ.

අප කොළඹ, හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ:

  • කැරට් 24 රත්‍රං පවුමක මිල පසුගිය සතියේ පැවති රුපියල් 306,000 සිට රුපියල් 314,000 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
  • එමෙන්ම, කැරට් 22 රත්‍රං පවුමක මිලරුපියල් 290,500 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, පසුගිය සතියට සාපේක්ෂව දේශීය වෙළෙඳපොළේ රන් මිල රුපියල් 8,000 කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මෙම තත්ත්වය, ලෝක වෙළෙඳපොළේ පවතින ආර්ථික අවිනිශ්චිතතාවයන් සහ ආයෝජන රටා වෙනස් වීම හේතුවෙන් සිදුව ඇති බව විශ්ලේෂකයෝ පවසති.

වෙනත් පුවත්

උණුසුම් පුවත්