සිරස්තල
ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම අරඹයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමුළුව අද කොළඹින් ඇරඹේ අද (11) රාත්‍රියේ ප්‍රබල අකුණු සහ ගිගුරුම් සහිත වැසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද එංගලන්තය සමඟ තරඟයට ට්‍රම්ප්ගෙන් චීනයට 100% දැඩි තීරුබදු පහරක් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පාපන්දු ලොවේ පළමු බිලියනපති ක්‍රීඩකයා බවට පත්වෙයි වාර්තාගත වර්ධනයක්! UK වෙළෙඳපොළ BYD හි විශාලතම විදේශීය EV වෙළෙඳපොළ බවට පත් වෙයි ‘පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ඉන්දියාවට සම්බන්ධයි’ යන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයි ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසගත වෙයි! මෙරට රන් පවුම රු. 314,000 ඉක්මවයි පෑන් හැඩැති අර්ධ ස්වයංක්‍රීය ගිනි අවියක් සමඟ තරුණයෙක් ගාල්ලේදී දැලේ

‘පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ඉන්දියාවට සම්බන්ධයි’ යන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයි

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සම්බන්ධයෙන් සහ එම ප්‍රහාරය පිටුපස ඉන්දියාව සිටින බවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න විසින් පාර්ලිමේන්තු උසස්

මිතුරන් සමග බෙදාගන්න

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සම්බන්ධයෙන් සහ එම ප්‍රහාරය පිටුපස ඉන්දියාව සිටින බවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න විසින් පාර්ලිමේන්තු උසස් නිලතල කාරක සභාවට ප්‍රකාශ කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවට පොලිසිය නිවේදනයක් නිකුත් කර තිබේ.

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා මෙම අසත්‍ය පුවත සම්බන්ධයෙන් කරුණු දක්වමින් සඳහන් කළේ, ඊයේ (ඔක්තෝබර් 08) දින උසස් නිලතල කාරක සභාව වෙත තමන් කළ කැඳවීමට අනුව පෙනී සිටි බව සත්‍ය වුවද, “පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්දියාව සිටින බවට කිසිදු අවස්ථාවක ප්‍රකාශ නොකළ” බවයි.

තවද, සංසරණය වන එම පුවත සත්‍යයෙන් තොර පුවතක් බවත්, එය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ඔහු අවධාරණය කර තිබේ

මෙම අසත්‍ය ප්‍රවෘත්තිය ප්‍රචාරය කිරීමට කටයුතු කරන ලද පුද්ගලයින් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇති බව පොලිස් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මීට අදාළව අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගැනීමටද නීතිඥවරුන් වෙත උපදෙස් ලබා දී ඇති බව පොලිසිය පවසයි.

මෙවැනි සංවේදී කරුණු සම්බන්ධයෙන් මහජනතාව සත්‍ය තොරතුරු පමණක් විශ්වාස කරන ලෙස පොලිසිය ඉල්ලා සිටී.

වෙනත් පුවත්

උණුසුම් පුවත්