සිරස්තල
නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක් ලෝක තෙල් මිල යළිත් ඩොලර් 100 සීමාව පනී ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට ලෝක තෙල් මිලේ සීඝ්‍ර පහළ යාමක් ‘ආර්ථික ආවේක්ෂණ කමිටුව’ ජනාධිපති කාර්යාලයේදී රැස්වෙයි මැදපෙරදිග යුද්ධය උත්සන්න වෙයි, ඉරාන යාත්‍රා 16ක් විනාශයි – ලෝක උරුම මාලිගාවටත් ප්‍රහාර මැදපෙරදිග යුද ගිනි ඇවිළෙයි, පර්සියානු ගල්ෆ් කලාපයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් නැදුන්ගමුවේ රාජා යළිත් ජීවමාන වෙයි

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමුළුව අද කොළඹින් ඇරඹේ

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) දකුණු සහ අග්නිදිග ආසියාතික කලාපයට අයත් රටවල් නියෝජනය කරන 78 වන කලාපීය සමුළුව අද (ඔක්තෝබර් 13) කොළඹදී ආරම්භ වේ. මෙම සමුළුව

මිතුරන් සමග බෙදාගන්න

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) දකුණු සහ අග්නිදිග ආසියාතික කලාපයට අයත් රටවල් නියෝජනය කරන 78 වන කලාපීය සමුළුව අද (ඔක්තෝබර් 13) කොළඹදී ආරම්භ වේ.

මෙම සමුළුව තෙදිනක් පුරා පැවැත්වෙන අතර, එහි සත්කාරකත්වය ශ්‍රී ලංකාව විසින් දරනු ලබයි. සමුළුව අනිද්දා (ඔක්තෝබර් 15) දක්වා පැවැත්වීමට නියමිතය.

සමුළුව සඳහා ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සහභාගී වෙති. ඔවුන් අතර:

  • ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් (Dr. Tedros Adhanom Ghebreyesus)
  • ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියා ආයතන භාර නිලධාරී කැතරිනා බොහ්මේ (Katarina Boehme)
  • රටවල් 8ක් නියෝජනය කරන සෞඛ්‍ය අමාත්‍යවරු
  • රටවල් දෙකක් නියෝජනය කරන තානාපතිවරු
  • ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින්

මෙම කලාපීය සැසියේදී, ඉදිරි වසර සඳහා දකුණු සහ අග්නිදිග ආසියා කලාපයේ සෞඛ්‍ය න්‍යාය පත්‍රය සකස් කිරීම ප්‍රධාන අරමුණක් වනු ඇත. දේශීය සහ කලාපීය සෞඛ්‍ය අභියෝග පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්