ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) දකුණු සහ අග්නිදිග ආසියාතික කලාපයට අයත් රටවල් නියෝජනය කරන 78 වන කලාපීය සමුළුව අද (ඔක්තෝබර් 13) කොළඹදී ආරම්භ වේ.
මෙම සමුළුව තෙදිනක් පුරා පැවැත්වෙන අතර, එහි සත්කාරකත්වය ශ්‍රී ලංකාව විසින් දරනු ලබයි. සමුළුව අනිද්දා (ඔක්තෝබර් 15) දක්වා පැවැත්වීමට නියමිතය.
සමුළුව සඳහා ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සහභාගී වෙති. ඔවුන් අතර:
- ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් (Dr. Tedros Adhanom Ghebreyesus)
- ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියා ආයතන භාර නිලධාරී කැතරිනා බොහ්මේ (Katarina Boehme)
- රටවල් 8ක් නියෝජනය කරන සෞඛ්‍ය අමාත්‍යවරු
- රටවල් දෙකක් නියෝජනය කරන තානාපතිවරු
- ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින්
මෙම කලාපීය සැසියේදී, ඉදිරි වසර සඳහා දකුණු සහ අග්නිදිග ආසියා කලාපයේ සෞඛ්‍ය න්‍යාය පත්‍රය සකස් කිරීම ප්‍රධාන අරමුණක් වනු ඇත. දේශීය සහ කලාපීය සෞඛ්‍ය අභියෝග පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.