සිරස්තල

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය නේපාලයේදී අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් “ගණේමුල්ල සංජීව” අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළදී ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නමැත්තිය නේපාලයේදී අත්අඩංගුවට ගෙන

මිතුරන් සමග බෙදාගන්න

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් “ගණේමුල්ල සංජීව” අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළදී ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නමැත්තිය නේපාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, රටින් පළා ගොස් සිටි ඉෂාරා සෙව්වන්දි ඇතුළුව සැකකරුවන් පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම කණ්ඩායම අතර ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ ‘කෙහෙල්බද්දර පද්මේ’ නමැත්තාගේ සමීපතමයෙකුද සිටින බවට තොරතුරු අනාවරණය වී ඇත.

ගණේමුල්ල සංජීව පසුගිය පෙබරවාරි මස 19 වනදා නඩු කටයුත්තක් සඳහා පැමිණ සිටියදී අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනයට ලක් විය.

මෙම අත්අඩංගුවට ගැනීම, සිද්ධිය සම්බන්ධයෙන් වන පරීක්ෂණවල තීරණාත්මක ඉදිරි ගමනක් ලෙස සැලකේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්