වැසි තත්ත්වය තවත් තීව්‍ර වෙයි

දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් පැවතීම හේතුවෙන් මෙරට කාලගුණයට තදින්ම බලපා ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට

මිතුරන් සමග බෙදාගන්න

දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් පැවතීම හේතුවෙන් මෙරට කාලගුණයට තදින්ම බලපා ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව, අද දිනයේ පහත සඳහන් පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ:

  • බස්නාහිර
  • සබරගමුව
  • මධ්‍යම
  • වයඹ
  • දකුණු
  • උතුරු

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලදී මි.මී. 100 ඉක්මවූ තද වැසි ඇති වීමේ හැකියාවක් පවතී. සෙසු ප්‍රදේශවලද පස්වරු 1.00න් පසුව තද වැසි ඇති විය හැකිය.

දිවයිනට නැගෙනහිර දෙසින් පවතින මෙම වායුගෝලීය කැලඹිලි ස්වභාවය ඉදිරි පැය 24 තුළදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම තත්ත්වයේ බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇත. ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සහ තද සුළං හේතුවෙන් ඇති විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්