ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අහ්මදාබාද් නුවර සිට කොළඹ දක්වා ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසයි.
මෙම නව ගුවන් සේවය එළඹෙන අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් තහවුරු කළේය.
මෙම නව ගුවන් සේවාව ආරම්භ කිරීමේ ප්‍රධාන අරමුණු කිහිපයක් පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙලෙස අදහස් දැක්වීය.
ගුජරාට් ප්‍රාන්තයේ පූජනීය ස්ථාන වන්දනාමාන කිරීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකික බැතිමතුන්ට මෙමගින් සෘජු සහ පහසු ප්‍රවේශයක් හිමි වේ.
ඉන්දියාවේ ප්‍රධාන වාණිජ නගරයක් වන අහ්මදාබාද් සිට වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමට මෙහිදී අපේක්ෂා කෙරේ.ශ්‍රී ලංකාව සහ ගුජරාට් ප්‍රාන්තය අතර පවතින සංස්කෘතික සහ ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් රුවන් රණසිංහ මහතා සඳහන් කළේ,
“අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ අප්‍රේල් මාසයේ සිට අහ්මදාබාද් සිට කොළඹ දක්වා ඍජු ගුවන් ගමන් ආරම්භ කරන්න. මේ හරහා ශ්‍රී ලංකාවේ බැතිමතුන්ටත් ගුජරාට් ප්‍රාන්තයේ වන්දනාමාන කටයුතු සඳහා පහසුවෙන් සම්බන්ධ වෙන්න අවස්ථාව උදා වෙනවා.”
මෙම නව ගුවන් සේවයත් සමඟ ඉදිරි උත්සව සමයේදී ඉන්දීය සංචාරකයින්ගේ පැමිණීමේ සැලකිය යුතු වර්ධනයක් සිදුවනු ඇතැයි සංචාරක අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.