ජල සම්පාදන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී ඇතුළු දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගාරයට

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී දර්ෂණ මැදවත්ත මහතා ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර

මිතුරන් සමග බෙදාගන්න

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී දර්ෂණ මැදවත්ත මහතා ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (11) නියෝග කළේය.

අල්ලස් කොමිසම විසින් මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ පහත සඳහන් දූෂණ ක්‍රියාව සම්බන්ධයෙන් චෝදනා නගමින්,

ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයාට ඒ වන විටත් නිල වාහන දෙකක් තිබියදී, තවත් ටොයෝටා ප්‍රාඩෝ (Toyota Prado) වර්ගයේ සුඛෝපභෝගී රථයක් කුලී පදනම මත ලබා ගැනීමට මොවුන් කටයුතු කර ඇත.

මෙම ක්‍රියාව හරහා රජයට රුපියල් 12,750,000 ක (එක්කෝටි විසිහත් ලක්ෂ පනස්දහසක) පාඩුවක් සිදු කරමින් දූෂණය නමැති වරද සිදු කිරීමට කුමන්ත්‍රණය කළ බවට අල්ලස් කොමිසම අධිකරණයේදී කරුණු පෙන්වා දුන්නේය.

අතිරේක සාමාන්‍යාධිකාරීවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා කරුණු දක්වමින් කියා සිටියේ, සැකකරු වසර 32ක සේවා කාලයක් සම්පූර්ණ කළ විශ්‍රාම යාමට ආසන්න නිලධාරියෙකු බැවින් සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කර නොමැති බැවින් ඔහු ඇප මත මුදා හරින ලෙසයි.

කෙසේ වෙතත්, අල්ලස් කොමිසම ඊට දැඩි ලෙස විරෝධය පළ කළේය.

සැකකරු තවමත් සේවයේ නිරත වන අතර, ඔහු යටතේ සේවය කරන නිලධාරීන් හය දෙනෙකුගෙන් ඉදිරියේදී ප්‍රකාශ ලබා ගැනීමට නියමිතය. සැකකරුවන් නිදහස් කළහොත් තම සේවා ස්ථානයේ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට ඉඩ ඇති බව අල්ලස් කොමිසම තර්ක කළේය.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, විමර්ශනවල ප්‍රගතිය සලකා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තීරණය කළේය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්