මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
නාවික හමුදා මුර සංචාරයක් අතරතුර සැකකටයුතු ලෙස ධාවනය වූ මෙම ඩිංගි යාත්‍රාව පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන ද්‍රව්‍ය අඩංගු පාර්සල් පිරවූ උර දෙකක් සොයා ගැනීමට හැකි වී ඇත.
යාත්‍රාවේ ගමන් කළ පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ඩිංගි යාත්‍රාව මේ වන විට වැඩිදුර විමර්ශන සඳහා ගොඩබිම වෙත රැගෙන එමින් පවතින බව නාවික හමුදාව තහවුරු කරයි.
ගොඩබිමට රැගෙන ඒමෙන් අනතුරුව සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ බර සහ එහි වටිනාකම ගණනය කිරීමට නියමිතය. සැකකරුවන් සහ නඩු භාණ්ඩ ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතව ඇත.