සිරස්තල
සාමාන්‍ය පෙළ හෙට ඇරඹේ, කාලසටහන ගැන විභාග කොමසාරිස් ජනරාල්ගෙන් විශේෂ දැනුම්දීමක් සුපිරි 8 සිහිනය වෙනුවෙන් ශ්‍රී ලංකාව අද ප්‍රබල ඔස්ට්‍රේලියාවට එරෙහිව පල්ලෙකැලේදී සටනට ඉන්දු – පාකිස්ථාන මහා සටනින් ඉන්දියාවට ලකුණු 61ක විශිෂ්ඨ ජයක් රුපියල් කෝටි 16ක ‘කුෂ්’ සමඟ කාන්තාවක් ඇතුළු තිදෙනෙක් කටුනායකදී දැලේ මන්නාරම් මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා දැලට ජූලි සිට සැප්තැම්බර් දක්වා දැවැන්ත විදුලි අර්බුදයක අවදානමක් ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක් වසර 14කට පසු නීතිඥ සංගමයේ හදිසි මහා සභා රැස්වීමක් IMF ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ලබන සඳුදා ශ්‍රී ලංකාවට රුපියල් කෝටියකට අධික මූල්‍ය වංචාවක්

සාමාන්‍ය පෙළ හෙට ඇරඹේ, කාලසටහන ගැන විභාග කොමසාරිස් ජනරාල්ගෙන් විශේෂ දැනුම්දීමක්

2025 (2026) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (පෙබරවාරි 17) දිවයින පුරා මධ්‍යස්ථාන රැසකදී ආරම්භ වේ. විභාගය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා අද පැවති

මිතුරන් සමග බෙදාගන්න

2025 (2026) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (පෙබරවාරි 17) දිවයින පුරා මධ්‍යස්ථාන රැසකදී ආරම්භ වේ. විභාගය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා අද පැවති මාධ්‍ය හමුවකදී විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය අපේක්ෂකයින්ට වැදගත් උපදෙස් මාලාවක් නිකුත් කළාය.

මෙවර විභාගයේ පස්වන, හයවන, හත්වන සහ අටවන දිනවල විෂය පෙළගැස්ම පසුගිය වසරවලට වඩා වෙනස් කර ඇති බව කොමසාරිස් ජනරාල්වරිය පෙන්වා දෙයි. එබැවින්,

සමාජ මාධ්‍යවල සංසරණය වන ව්‍යාජ කාලසටහන්වලට නොරැවටෙන්න.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය (doenets.lk) හෝ නිල ෆේස්බුක් පිටුවේ ඇති කාලසටහන පමණක් භාවිත කරන්න.

සියලුම අපේක්ෂකයින් තම අනන්‍යතාව තහවුරු කිරීමට ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය ළඟ තබාගත යුතුය. පෞද්ගලික අපේක්ෂකයින්ට අවශ්‍ය නම් ග්‍රාම නිලධාරී සහතික කළ තාවකාලික හැඳුනුම්පතක් ඉදිරිපත් කළ හැකිය.

විභාග මධ්‍යස්ථානය තුළට පහත දෑ රැගෙන යාම සපුරා තහනම් වේ,

ජංගම දුරකථන, ස්මාර්ට් වොච් (Smart Watches) සහ Bluetooth උපකරණ, සටහන්, ලේඛන හෝ වෙනත් අනවශ්‍ය ද්‍රව්‍ය.

මුහුණ පැහැදිලිව හඳුනාගත හැකි වන ලෙස විභාග මධ්‍යස්ථානයට පැමිණිය යුතු අතර, වෙනත් අපේක්ෂකයින්ට බාධා වන අයුරින් හැසිරීමෙන් වැළකිය යුතුය. එවැනි බාධා කිරීම් ප්‍රතිඵල අත්හිටුවීමට පවා හේතු විය හැකි බවට විභාග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

ප්‍රශ්න පත්‍රය ලැබුණු වහාම එහි සියලු කොටස් තිබේදැයි පරීක්ෂා කර උපදෙස් මැනවින් කියවන්න. ඔබේ විභාග අංකය නිවැරදිව සටහන් කිරීමට වගබලා ගන්න. කිසිදු අවස්ථාවක නිවැරදි කිරීමේ දියර (Tipex) භාවිත නොකරන්න. වැරදුණු තැනක් වේ නම් තනි ඉරකින් කපා නැවත ලියන්න. පිළිතුරු සැපයීමේදී අත්අකුරු පැහැදිලිව තබා ගැනීමටත්, අවසානයේ පිළිතුරු පත්‍ර නිවැරදිව අමුණා ඇති බව තහවුරු කර ගැනීමටත් උපදෙස් දී ඇත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්