සිරස්තල
දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි මාලිංගගේ උපදේශක ධුරය ලෝක කුසලානය අවසන් වනතුරු දීර්ඝ කෙරේ ඉරානයට ට්‍රම්ප්ගෙන් අවසන් නිවේදනයක් මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ CID යට එන්න බැරි බව දැනුම් දෙයි විදේශීය දුම්වැටි 12,000ක් සමඟ ගම්පොළ පුද්ගලයෙකු කටුනායකදී කොටු වෙයි අමෙරිකාවේ පාසල් හොකී තරගයක් අතරතුර වෙඩි තැබීමක් පැතුම්ගේ ඓතිහාසික ශතකයෙන් ඔස්ට්‍රේලියාව පරදී, ශ්‍රී ලංකාව ලෝක කුසලාන ‘සුපිරි 8’ වටයට සාමාන්‍ය පෙළ හෙට ඇරඹේ, කාලසටහන ගැන විභාග කොමසාරිස් ජනරාල්ගෙන් විශේෂ දැනුම්දීමක් සුපිරි 8 සිහිනය වෙනුවෙන් ශ්‍රී ලංකාව අද ප්‍රබල ඔස්ට්‍රේලියාවට එරෙහිව පල්ලෙකැලේදී සටනට ඉන්දු – පාකිස්ථාන මහා සටනින් ඉන්දියාවට ලකුණු 61ක විශිෂ්ඨ ජයක්

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ CID යට එන්න බැරි බව දැනුම් දෙයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නොහැකි

මිතුරන් සමග බෙදාගන්න

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නොහැකි බව දැනුම් දී තිබේ.

තමන් දැනට සෞඛ්‍ය හේතූන් මත ප්‍රතිකාර ලබමින් සිටින බැවින් මෙලෙස පැමිණීමට නොහැකි බව ඇය ලිපියක් මගින් අදාළ කොට්ඨාසය වෙත දන්වා ඇත.

හිටපු ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ, තමන්ට නිවසේ රැඳී සිට ප්‍රතිකාර ගන්නා ලෙස වෛද්‍යවරුන් උපදෙස් දී ඇති බව මහාචාර්යවරිය සිය ලිපියේ දක්වා ඇති බවයි. එබැවින්, මෙම විමර්ශනයට අදාළ ප්‍රකාශය අවශ්‍ය නම් තමන් පදිංචි නිවසට පැමිණ ලබා ගන්නා ලෙස ද ඇය CID නිලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ප්‍රකාශය ලබා ගැනීමට සූදානම් වන්නේ රජයේ මුදල් අවභාවිතයක් පිළිබඳව කෙරෙන පරීක්ෂණයකට අදාළවය,

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තයේ සිදු කළ පෞද්ගලික සංචාරයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 166කට (රු. 16,600,000) අධික රජයේ මුදල් අවභාවිත කර ඇති බවට එල්ල වී ඇති චෝදනාව.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා බව CID නිලධාරීන් පසුගියදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ද කරුණු වාර්තා කර තිබුණි.

මහාචාර්යවරියගේ මෙම දැනුම් දීමෙන් පසුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇයගේ නිවසට ගොස් ප්‍රකාශය ලබා ගන්නේ ද නැතහොත් වෙනත් දිනයක් ලබා දෙන්නේ ද යන්න පිළිබඳව මෙතෙක් නිල තීරණයක් ප්‍රකාශයට පත් කර නොමැත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්