තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ අතිශය ආන්දෝලනාත්මක සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු ඇතුළු පිරිසක් හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (20) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
මෙම අපරාධය පිටුපස සිටින ප්‍රධාන මහමොළකරු සහ වෙඩික්කරුවන් පිළිබඳව අමාත්‍යවරයා වැදගත් තොරතුරු රැසක් සභාවට ඉදිරිපත් කළේය.
විමර්ශනවලට අනුව මෙම ඝාතනය විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් මෙහෙයවා ඇති බව හෙළි වී තිබේ.
“ටුටූ” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන, විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන උග්ගල්ල ආරච්චිගේ තරිඳු මදුශංක. රිවෝල්වර් වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තැබූ සැකකරු රුක්ගහවෙල පදිංචි රූබට් සුරේෂ් ලෙස හඳුනාගෙන ඇත.
ප්‍රවාහන පහසුකම් සැපයූ සැකකරු: වෙඩික්කරුවන් නවාතැන්පොළ වෙත රැගෙන ආ රථයේ හිමිකරු වන ඇත්කඳුර, ගාල්ල පදිංචි වන්නිආරච්චිගේ සිහින දිල්සර නමැත්තා ද හඳුනාගෙන තිබේ.
අපරාධය සඳහා යොදාගත් වාහන සහ උපකරණ සම්බන්ධයෙන් පොලිසිය මේ වන විට සාර්ථක හෝඩුවාවන් රැසක් අනාවරණය කරගෙන ඇත.
අපරාධය සඳහා යොදාගත් රථය බද්දේගම ප්‍රදේශයේදී ගිනි තබා විනාශ කර තිබියදී පොලිසිය විසින් සොයාගනු ලැබීය. ඝාතනය සඳහා ගිනිඅවි ප්‍රවාහනය කිරීමට යොදාගත් වාහනය කොට්ටාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
වෙඩික්කරුවන් අපරාධයට පෙර රැඳී සිටි නවාතැන්පොළ සහ ඔවුන් එතැනට රැගෙන ආ රථය පිළිබඳව ද මේ වන විට තොරතුරු අනාවරණය වී තිබේ.
හඳුනාගත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ වන විටත් පුළුල් මෙහෙයුම් දියත් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම සිදුවීමත් සමඟ නීතිඥවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය උපරිම පියවර ගන්නා බව ද මෙහිදී අවධාරණය කෙරිණි.