වසර ගණනාවක් තිස්සේ තමන්ට සිදුවන වෘත්තීය අසාධාරණයන්ට විසඳුම් ඉල්ලා 2009/2010 කණ්ඩායමට අයත් ග්‍රාම නිලධාරීන් පිරිසක් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ.
ඒ අනුව එළඹෙන මාර්තු මස 03 වනදා කොළඹ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවක් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව එම කණ්ඩායම නිවේදනය කරයි.
මෙම පිරිස පෙන්වා දෙන්නේ තමන් සේවයට බැඳුණු දා සිට අඛණ්ඩව විවිධ නොසලකා හැරීම්වලට ලක්වූ බවයි. විරෝධතාවයට පාදක වූ ප්‍රධාන ගැටලු කිහිපයක් මෙසේය,
අලුතින් හඳුන්වා දුන් ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව හරහා තමන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බවට ඔවුන් චෝදනා කරයි.
මේ සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ කිහිපවතාවක් සාකච්ඡා කළ ද, මෙතෙක් කිසිදු සාධනීය විසඳුමක් ලැබී නොමැත.
2026 මාර්තු වන විට වසර 17ක සේවා කාලයක් සම්පූර්ණ කරන මෙම කණ්ඩායමේ 2,300කට අධික පිරිසක් (සමස්ත සේවයෙන් 25%ක් පමණ) අසාධාරණයට ලක්ව සිටිති.
මෙම විරෝධතාව සඳහා ග්‍රාම නිලධාරී වෘත්තීය සංගම් මෙන්ම පරිපාලන ග්‍රාම නිලධාරී සංගම් ද සිය පූර්ණ සහාය පළ කර තිබේ.
“අපගේ සාධාරණ ඉල්ලීම්වලට රජය මෙවරත් ඇහුම්කන් නොදෙන්නේ නම්, මාර්තු 03 විරෝධතාවෙන් පසුව වඩාත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග කරා යාමට අප පසුබට වන්නේ නැහැ.” – 2009/2010 ග්‍රාම නිලධාරී කණ්ඩායම.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ඉදිරි දිනවලදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදුවන මහජන සේවාවන්ට යම් බලපෑමක් එල්ල වීමේ හැකියාවක් පවතී.