ලොව පුරා සංචාරකයින්ගේ අතිශය විශ්වාසයට පාත්‍ර වූ TripAdvisor වෙබ් අඩවිය මගින් නිකුත් කළ 2026 වසරේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව, ආසියාවේ විශිෂ්ටතම වෙරළ තීරයන් 10 අතරට ශ්‍රී ලංකාවේ වෙරළ තීරයන් දෙකක් ඇතුළත් වී තිබේ. මෙය මෙරට සංචාරක ක්ෂේත්‍රය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සැලකේ.
එම වර්ගීකරණයට අනුව, දකුණු වෙරළ තීරයේ පිහිටි මනරම් මිරිස්ස වෙරළ ආසියාවේ 05 වන ස්ථානය දිනා ගැනීමට සමත් වී ඇත. එමෙන්ම සංචාරක ආකර්ෂණය දිනාගත් බෙන්තොට වෙරළ තීරය ආසියාවේ 07 වන ස්ථානයට පත්ව ඇති අතර, මෙම ජයග්‍රහණය හරහා මෙරට වෙරළ තීරයන්හි ඇති ස්වභාවික සුන්දරත්වය ජාත්‍යන්තරයේ යළිත් වරක් තහවුරු වී තිබේ.
ලොව පුරා සංචාරය කරන සංචාරකයින් විසින් ලබා දෙන ලද තරු පන්ති (Ratings), ඔවුන්ගේ පෞද්ගලික අත්දැකීම් සහ TripAdvisor වෙබ් අඩවියට එක් කරන ලද ගුණාත්මක සමාලෝචන (Reviews) පාදක කරගනිමින් මෙම තේරීම් සිදු කර ඇත. ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන්ගේ ප්‍රසාදය ඉහළ මට්ටමක පැවතීම මෙම ඉහළ ශ්‍රේණිගත කිරීම්වලට ප්‍රධාන හේතුව වී තිබේ.