සිරස්තල

2026 වසරේ අපනයන ක්ෂේත්‍රයෙන් සුබදායී ආරම්භයක්

ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය 2026 වසරේ පළමු මාසයේදීම කැපී පෙනෙන ප්‍රගතියක් අත්කර ගැනීමට සමත්ව ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පවසයි. ඒ අනුව,

මිතුරන් සමග බෙදාගන්න

ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය 2026 වසරේ පළමු මාසයේදීම කැපී පෙනෙන ප්‍රගතියක් අත්කර ගැනීමට සමත්ව ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පවසයි. ඒ අනුව, පසුගිය ජනවාරි මාසයේ මෙරට සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,552 ක් ලෙස වාර්තා වී තිබේ. මෙය 2025 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව සියයට 13.7ක සැලකිය යුතු වර්ධනයක් බව එම මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා නිල වශයෙන් නිවේදනය කළේය.

මෙම වාර්තාගත ආදායම තුළ භාණ්ඩ අපනයන අංශය සහ සේවා අපනයන අංශය යන දෙකම ඉහළ වර්ධනයක් පෙන්නුම් කර ඇත. විශේෂයෙන්ම වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1,165ක ආදායමක් හිමිව ඇති අතර එය සියයට 10.5ක වර්ධනයකි. තවද, සේවා අපනයන අංශය සියයට 24.5ක විශාල වර්ධනයක් පෙන්නුම් කරමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 367ක ආදායමක් උපයා දීමට සමත් වී තිබේ.

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ තේ, පොල්, රබර් වැනි සාම්ප්‍රදායික නිෂ්පාදන මෙන්ම ආහාර හා පාන වර්ග, ඉලෙක්ට්‍රොනික උපාංග, එළවළු, පළතුරු සහ මුහුදු ආහාර යන ක්ෂේත්‍ර භාණ්ඩ අපනයනයේදී ප්‍රමුඛත්වය ගෙන ඇති බවයි. සේවා අංශය ගත්විට තොරතුරු තාක්ෂණ (IT) ක්ෂේත්‍රය මෙරට ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දී ඇති බවද හෙතෙම සඳහන් කළේය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්