දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉදිරි පැය කිහිපය තුළ ප්‍රධාන වශයෙන් වැසි රහිත වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද නිකුත් කළ නිවේදනයක සඳහන්

මිතුරන් සමග බෙදාගන්න

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉදිරි පැය කිහිපය තුළ ප්‍රධාන වශයෙන් වැසි රහිත වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. කෙසේ වෙතත්, ප්‍රදේශ කිහිපයකට පමණක් සවස් කාලයේදී වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.

විශේෂයෙන් දකුණු පළාතේත්, රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් පස්වරු 2:00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මීට අමතරව, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක. මේ හේතුවෙන් මහා මාර්ගවල දෘශ්‍යතාව අඩුවිය හැකි බැවින් රියදුරන් වඩාත් විමසිලිමත් විය යුතු බව ද කාලගුණ බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්