දිස්ත්‍රික්ක 4කට හෙට සවස් කාලයේ වැසි

හෙට (28) දිනයේ දිවයිනේ දිස්ත්‍රික්ක හතරක ස්ථාන ස්වල්පයකට සවස් කාලයේදී වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද (27) පස්වරුවේ නිකුත් කරන ලද නවතම කාලගුණ

මිතුරන් සමග බෙදාගන්න

හෙට (28) දිනයේ දිවයිනේ දිස්ත්‍රික්ක හතරක ස්ථාන ස්වල්පයකට සවස් කාලයේදී වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද (27) පස්වරුවේ නිකුත් කරන ලද නවතම කාලගුණ අනාවැකියට අනුව, කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට පස්වරු 2:00න් පසුව මෙලෙස වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.

කෙසේ වෙතත්, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත වියළි කාලගුණික තත්ත්වයක් අඛණ්ඩව පවතිනු ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මීට අමතරව, හෙට අලුයම් කාලයේදී දිවයින පුරා තැනින් තැන මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බැවින් රියදුරන් ඒ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතුය.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්