සිරස්තල
තායිලන්තයේ සිට රුපියල් කෝටි 3ක මත්ද්‍රව්‍ය රැගෙන ආ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී කොටුවෙයි ඉරාන යුද නෞකාවේ සිටි පුද්ගලයින්ගේ සිරුරු 84ක් සොයා ගැනේ ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමේ යෝජනාව අමෙරිකානු සෙනෙට් සභාවේදී පරාජයට පත්වෙයි ස්පාඤ්ඤයට එරෙහිව දැඩි වෙළෙඳ සම්බාධක පනවන බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තර්ජනයක් පෙබරවාරියේ සංචාරක පැමිණීම 279,000 ඉක්මවයි මැදපෙරදිග විශාලතම ඇමෙරිකානු කඳවුරට ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක් පානදුරේදී අත්පා ගැටගැසූ මළ සිරුරක් හමුවේ මින්නේරියේදී බස් රථ දෙකක් සහ ට්‍රැක්ටරයක් ගැටෙයි හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානයෙන් පියවර මැදපෙරදිග යුද්ධය දරුණු වෙයි

තායිලන්තයේ සිට රුපියල් කෝටි 3ක මත්ද්‍රව්‍ය රැගෙන ආ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී කොටුවෙයි

තායිලන්තයේ සිට මෙරටට නීති විරෝධී ලෙස මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු ඊයේ (04) කටුනායක ගුවන් තොටුපොළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින්

මිතුරන් සමග බෙදාගන්න

තායිලන්තයේ සිට මෙරටට නීති විරෝධී ලෙස මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු ඊයේ (04) කටුනායක ගුවන් තොටුපොළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට පත් සැකකරුවන් 26 සහ 37 යන වයස්වල පසුවන්නන් බව වාර්තා වේ.

මොවුන් පසුගිය 03 වනදා රාත්‍රී 1:59ට පමණ FD 142 දරන ගුවන් යානයෙන් බැංකොක් නුවර සිට දිවයිනට පැමිණ ඇත. ඔවුන්ගේ හැසිරීම කෙරෙහි ඇති වූ සැකය මත අත් ගමන් මලු පරීක්ෂා කිරීමේදී, ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට නිලධාරීන් සමත්ව තිබේ.

එහිදී එක් මගියෙකු සතුව තිබී රුපියල් එක්කෝටි පනස් දෙලක්ෂ පනස් දහසකට (15,250,000) අධික වටිනාකමකින් යුත් කුෂ් ගංජා ග්‍රෑම් 1,525ක් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 182ක් සොයා ගැනුණි. අනෙක් මගියා සතුව තිබී රුපියල් එක්කෝටි පනස් එක්ලක්ෂ තිස්දහසක් (15,130,000) පමණ වටිනා කුෂ් ගංජා ග්‍රෑම් 1,513ක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය (PNB) වෙත භාර දී තිබේ. මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරට සංචාරක කලාප ඉලක්ක කර ගනිමින් බෙදා හැරීමට සැලසුම් කර තිබූ බවයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්