සිරස්තල
මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ සිරදඬුවම්වලට එරෙහි අභියාචනා විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඇරඹෙයි ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස මොජ්තාබා කමේනි පත් කෙරේ ලංකා විදුලිබල මණ්ඩල යුගය නිමවෙයි, අද සිට ස්වාධීන සමාගම් 06ක මෙහෙයුම් ඇරඹේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී 10 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට තායිලන්තයේ සිට රුපියල් කෝටි 3ක මත්ද්‍රව්‍ය රැගෙන ආ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී කොටුවෙයි ඉරාන යුද නෞකාවේ සිටි පුද්ගලයින්ගේ සිරුරු 84ක් සොයා ගැනේ ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමේ යෝජනාව අමෙරිකානු සෙනෙට් සභාවේදී පරාජයට පත්වෙයි ස්පාඤ්ඤයට එරෙහිව දැඩි වෙළෙඳ සම්බාධක පනවන බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තර්ජනයක් පෙබරවාරියේ සංචාරක පැමිණීම 279,000 ඉක්මවයි මැදපෙරදිග විශාලතම ඇමෙරිකානු කඳවුරට ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්

අනාරක්ෂිත වගා ළිඳකට වැටී 10 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට

පොල්පිතිගම, කිරිබමුණේගමයාය ප්‍රදේශයේදී නිවසක් පිටුපස තිබූ අනාරක්ෂිත වගා ළිඳකට වැටීමෙන් 10 හැවිරිදි පිරිමි දරුවෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම අනතුර සිදුව ඇත්තේ දරුවා සෙල්ලම්

මිතුරන් සමග බෙදාගන්න

පොල්පිතිගම, කිරිබමුණේගමයාය ප්‍රදේශයේදී නිවසක් පිටුපස තිබූ අනාරක්ෂිත වගා ළිඳකට වැටීමෙන් 10 හැවිරිදි පිරිමි දරුවෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම අනතුර සිදුව ඇත්තේ දරුවා සෙල්ලම් කරමින් සිටි අවස්ථාවකදී බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ කැකිරාව, සෙම්බුකුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකි. නිවස පිටුපස පිහිටි ආරක්ෂිත වැටවල් හෝ ආවරණයක් නොමැති මෙම වගා ළිඳට දරුවා ඇද වැටී ඇති බවත්, පසුව ප්‍රදේශවාසීන් එක්ව දරුවා ගොඩගෙන රෝහල්ගත කළද ඒ වන විටත් ඔහු මියගොස් සිටි බවත් මූලික විමර්ශනවලදී හෙළි වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොල්පිතිගම පොලිසිය විසින් පරීක්ෂණ පවත්වන අතර, විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල පවතින මෙවැනි අනාරක්ෂිත ළිං සහ අනතුරුදායක ස්ථාන පිළිබඳව දෙමාපියන් සහ වැඩිහිටියන් දැඩි අවධානයෙන් පසුවිය යුතු බව පොලිසිය අවධාරණය කරයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්