සිරස්තල
මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ සිරදඬුවම්වලට එරෙහි අභියාචනා විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඇරඹෙයි ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස මොජ්තාබා කමේනි පත් කෙරේ ලංකා විදුලිබල මණ්ඩල යුගය නිමවෙයි, අද සිට ස්වාධීන සමාගම් 06ක මෙහෙයුම් ඇරඹේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී 10 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට තායිලන්තයේ සිට රුපියල් කෝටි 3ක මත්ද්‍රව්‍ය රැගෙන ආ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී කොටුවෙයි ඉරාන යුද නෞකාවේ සිටි පුද්ගලයින්ගේ සිරුරු 84ක් සොයා ගැනේ ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමේ යෝජනාව අමෙරිකානු සෙනෙට් සභාවේදී පරාජයට පත්වෙයි ස්පාඤ්ඤයට එරෙහිව දැඩි වෙළෙඳ සම්බාධක පනවන බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තර්ජනයක් පෙබරවාරියේ සංචාරක පැමිණීම 279,000 ඉක්මවයි මැදපෙරදිග විශාලතම ඇමෙරිකානු කඳවුරට ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්

ලංකා විදුලිබල මණ්ඩල යුගය නිමවෙයි, අද සිට ස්වාධීන සමාගම් 06ක මෙහෙයුම් ඇරඹේ

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්තම වෙනස සනිටුහන් කරමින්, ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අද (09) සිට නිල වශයෙන් බලාත්මක වේ. ඒ අනුව දශක

මිතුරන් සමග බෙදාගන්න

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්තම වෙනස සනිටුහන් කරමින්, ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අද (09) සිට නිල වශයෙන් බලාත්මක වේ. ඒ අනුව දශක පහකට වැඩි කාලයක් මෙරට විදුලි බලය පාලනය කළ 1969 අංක 17 දරන ලංකා විදුලිබල මණ්ඩල පනත ඊයේ (08) මධ්‍යම රාත්‍රියෙන් අහෝසි වූ අතර, ඒ වෙනුවට නව සමාගම් හයක් හරහා විදුලි පද්ධතියේ මෙහෙයුම් සිදු කිරීමට තීරණය කර ඇත.

මෙම නව ව්‍යුහය යටතේ ස්ථාපනය කර ඇති ස්වාධීන සමාගම් 06 පහත දැක්වේ:

  • විදුලි ජනන ලංකා (පුද්ගලික) සමාගම (විදුලි නිෂ්පාදනය සඳහා)

  • ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සපයන්නන්ගේ (පුද්ගලික) සමාගම (සම්ප්‍රේෂණ කටයුතු සඳහා)

  • ජාතික පද්ධති ක්‍රියාකරු (පුද්ගලික) සමාගම (පද්ධති කළමනාකරණය සඳහා)

  • විදුලි බෙදාහැරීම ලංකා (පුද්ගලික) සමාගම (පාරිභෝගික බෙදාහැරීම් සඳහා)

  • සේවක අරමුදල (පුද්ගලික) සමාගම

  • එනර්ජි වෙන්චර්ස් ලංකා (පුද්ගලික) සමාගම

මෙම පරිවර්තනයත් සමඟ ප්‍රධාන සමාගම් කිහිපයක මෙහෙයුම් කටයුතු සඳහා නව සාමාන්‍යාධිකාරීවරුන් පත් කිරීමට ද රජය පියවර ගෙන තිබේ. ඒ අනුව, විදුලි ජනන ලංකා සමාගමේ සාමාන්‍යාධිකාරී ලෙස ඉංජිනේරු එන්. ජී. සාලිය පණ්ඩිතරත්න මහතා ද, ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සමාගම සඳහා ඉංජිනේරු එන්. එස්. වෙත්තසිංහ මහතා ද, විදුලි බෙදාහැරීමේ ලංකා සමාගම වෙනුවෙන් ඉංජිනේරු කේ. එස්. අයි. කුමාර මහතා ද පත් කර ඇත.

විදුලිබල මණ්ඩලය ආයතනයක් ලෙස නීත්‍යානුකූලවම අහෝසි වී මෙලෙස සමාගම්ගත කිරීම හරහා වඩාත් කාර්යක්ෂම සහ විනිවිදභාවයකින් යුත් සේවාවක් ලබා දීම රජයේ අපේක්ෂාවයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්