සිරස්තල
මුලතිව් මුහුදේදී ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්: සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු වෙනුවෙන් පවත්වන රාජ්‍ය උත්සවය අද “ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක්

නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි

විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් ලෙස කටයුතු කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් යෝජනා කරන ලද රාජ්‍යතාන්ත්‍රිකයන් දස දෙනෙකුට උසස්

මිතුරන් සමග බෙදාගන්න

විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් ලෙස කටයුතු කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් යෝජනා කරන ලද රාජ්‍යතාන්ත්‍රිකයන් දස දෙනෙකුට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ මෙම අනුමැතියත් සමඟ නම් කරන ලද තානාපතිවරුන්ට සහ මහකොමසාරිස්වරුන්ට සිය ධුරයන්හි වැඩකටයුතු ආරම්භ කිරීමට අවස්ථාව උදා වන බවයි.

මෙම පත්වීම් අතර මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් වාතාවරණය හමුවේ ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනය සඳහා සිදු කළ පත්වීම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු වී ඇත. නව රජයේ විදේශ ප්‍රතිපත්තියට අනුකූලව ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම මොවුන්ගේ ප්‍රධාන වගකීම වනු ඇත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්