සිරස්තල
2026 ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නවතී රුපියල් බිලියන 3ක හෙරොයින් සමඟ බහුදින යාත්‍රාවක් දික්ඕවිටට, බේරුවලදී තවත් වැටලීමක් රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක් ලෝක තෙල් මිල යළිත් ඩොලර් 100 සීමාව පනී ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත්, කොත්තු සහ තේ මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

රුපියල් බිලියන 3ක හෙරොයින් සමඟ බහුදින යාත්‍රාවක් දික්ඕවිටට, බේරුවලදී තවත් වැටලීමක්

දෙවුන්දරට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවක තිබී රුපියල් බිලියන 3කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන

මිතුරන් සමග බෙදාගන්න

දෙවුන්දරට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවක තිබී රුපියල් බිලියන 3කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ අදාළ යාත්‍රාව අද (16) උදෑසන දික්ඕවිට වරාය වෙත රැගෙන ආ බවයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකළ විද්‍යාත්මක පරීක්ෂාවලදී එම මත්ද්‍රව්‍ය තොගය හෙරොයින් බව තහවුරු කරගෙන ඇත. එහි බර කිලෝග්‍රෑම් 123කට ආසන්න බවත්, උර 06ක බහා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය සමඟ සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම වැටලීමට අමතරව, මීට සුළු මොහොතකට පෙර බේරුවල මුහුදු සීමාවට ඔබ්බෙන් වූ ප්‍රදේශයකදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ තවත් බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබේ. එම යාත්‍රාව මේ වන විට ගොඩබිම වෙත රැගෙන එමින් පවතින අතර, එහි අඩංගු මත්ද්‍රව්‍ය ප්‍රමාණය නිවැරදිව ප්‍රකාශ කළ හැක්කේ යාත්‍රාව වරාය වෙත ළඟා වූ පසුව බව ආරක්ෂක අංශ පවසයි.

නාවික හමුදාව විසින් මත්ද්‍රව්‍ය ජාලයන් මර්දනය කිරීම සඳහා සිදුකරන මෙම විශේෂ මෙහෙයුම් මාලාව යටතේ පසුගිය සතියේදී පමණක් දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය යාත්‍රා 03ක් වැටලීමට හැකිවිය. ඒ අනුව, මෙම වසරේ ගතවූ මාස කිහිපය තුළ පමණක් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රා 07ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා බුද්ධි අංශ සමත්ව තිබේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්