මෙරට පවතින ඉන්ධන තොග සාමාන්‍ය පරිභෝජනය යටතේ ප්‍රමාණවත් වන දින වකවානු පිළිබඳව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද (17) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. රටේ පවතින වත්මන් බලශක්ති තත්ත්වය පැහැදිලි කරමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පවතින සංචිත අනුව එක් එක් ඉන්ධන වර්ග අවසන් වන දින වකවානු මෙසේ බවයි:
පෙට්‍රල් 92 වර්ගය: ලබන අප්‍රේල් මස 23 වැනිදා දක්වා
පෙට්‍රල් 95 වර්ගය: ලබන මැයි මස 10 වැනිදා දක්වා
සුදු ඩීසල්: ලබන අප්‍රේල් මස 12 වැනිදා දක්වා
සුපිරි ඩීසල්: ලබන මැයි මස 10 වැනිදා දක්වා
ඉන්ධන හිඟයකින් තොරව පවත්වාගෙන යාම සඳහා ඉදිරි සති කිහිපය තුළ අවශ්‍ය නව ඇණවුම් ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බවත්, පවතින තොග කළමනාකරණය කරගැනීම අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.