සිරස්තල
සූකර ගොවීන්ට අලුත් රක්ෂණයක් “බලශක්ති මධ්‍යස්ථාන සහමුලින්ම විනාශ කරනවා” – ඉරානයෙන් අමෙරිකාවට සහ ඊශ්‍රායලයට දරුණු අනතුරු ඇඟවීමක් ශ්‍රී ලංකාවට අඛණ්ඩව ඉන්ධන ලබාදීමට කටාර් එමීර්වරයාගෙන් සහතිකයක් පරණ QR එක අලුත් කරගන්න අද (19) සිට නව පහසුකමක්, වෙනත් අංකවලට ලියාපදිංචි කළ වාහනවලට විසඳුම් ඉන්ධන නිකුත් කිරීමේදී අද (19) සිට ‘ඔත්තේ-ඉරට්ටේ’ ක්‍රමය ක්‍රියාත්මකයි අවසරයකින් තොරව ඩ්‍රෝන පියාසර කිරීම තහනම් දුම්රිය ගමන් වාර සීමා වෙයි – බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට, මැදපෙරදිග සැපයුම් ජාලය යළි සක්‍රිය වෙයි බදාදා නිවාඩුවට හේතුව මෙන්න, පොදු ප්‍රවාහනයත් සීමා වෙයි

සූකර ගොවීන්ට අලුත් රක්ෂණයක්

ශ්‍රී ලංකාවේ සූකර කර්මාන්තයේ නියැලෙන ගොවීන්ගේ ව්‍යාපාරික සුරක්ෂිතතාව වෙනුවෙන් විශේෂ “සූකර රක්ෂණ යෝජනා ක්‍රමයක්” හඳුන්වා දීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය පියවර ගෙන

මිතුරන් සමග බෙදාගන්න

ශ්‍රී ලංකාවේ සූකර කර්මාන්තයේ නියැලෙන ගොවීන්ගේ ව්‍යාපාරික සුරක්ෂිතතාව වෙනුවෙන් විශේෂ “සූකර රක්ෂණ යෝජනා ක්‍රමයක්” හඳුන්වා දීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩපිළිවෙළ මගින් ව්‍යාපාරික මට්ටමින් පවත්වාගෙන යන ගොවිපොළවල අභිජනන සතුන් සඳහා ආවරණය සැලසෙනු ඇත.

මෙම රක්ෂණාවරණය යටතේ හදිසි අනතුරු හෝ විවිධ රෝගාබාධ හේතුවෙන් සිදුවන සත්ව මරණ සඳහා වන්දි ලබා දීමට සැලසුම් කර ඇත. රක්ෂණය සඳහා සුදුසුකම් ලබන සතුන් සහ වන්දි මුදල් පිළිබඳ විස්තර පහත පරිදි වේ,

වයස් සීමාව: වයස මාස 06 සිට අවුරුදු 4යි මාස 06 දක්වා වූ අභිජනන සතුන්.

උපරිම වන්දිය: එක් සතෙකු සඳහා රුපියල් 200,000/- දක්වා උපරිම වටිනාකමක්.

ගණනය කිරීම: ආදේශන පිරිවැය හෝ නිෂ්පාදන පිරිවැය මත පදනම්ව රක්ෂණ මුදල තීරණය කෙරේ.

මෙම රක්ෂණ ක්‍රමය යටතේ වන්දි ඉල්ලීම් කළ හැක්කේ රක්ෂණය කරන ලද අභිජනන සූකර සතුන් රක්ෂිත හේතුවක් මත මරණයට පත්වුවහොත් පමණි. එසේම, මෙම රක්ෂණාවරණය ලබා ගැනීමට නම් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නියම කර ඇති ජෛව ආරක්ෂක (Bio-security) නිර්ණායකයන්ට අනුකූලව ගොවිපොළ පවත්වාගෙන යාම අනිවාර්ය බව රක්ෂණ මණ්ඩලය අවධාරණය කරයි.

පසුගිය කාලවකවානුවේ විවිධ වෛරස් රෝග හේතුවෙන් පීඩාවට පත් වූ සූකර ගොවීන්ට මෙම නව රක්ෂණ යෝජනා ක්‍රමය විශාල සහනයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්