සිරස්තල
ට්‍රම්ප්ගේ පැය 48ක අවසාන නිවේදනය අදින් අවසන් – ලෝකයම දැඩි අවිනීශ්චිතතාවයක පාන් සහ බේකරි නිෂ්පාදන මිල අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට නිව්යෝර්ක් ලාගාඩියා ගුවන්තොටුපොළේදී ගුවන් යානයක් ට්‍රක් රථයක ගැටෙයි ඉන්ධන මිල ඉහළ යාම හමුවේ බේකරි නිෂ්පාදනවල මිල ඉහළට, තීරණය අද (23) මට්ටක්කුලියේ සුපිරි වෙළෙඳසැලකින් මත්පැන් සොරාගත් “මෝදර සුදා” හෙරොයින් සමඟ අත්අඩංගුවට බස් ගාස්තුව 10%කින් ඉහළට? තීරණාත්මක කැබිනට් පත්‍රිකාව අද (23) රජයට ඉරාන තෙල් සම්බාධක ඉවත් කිරීමට ඇමෙරිකාවෙන් සැරසෙයි අද (20) සවස් කාලයේ දිස්ත්‍රික්ක කිහිපයකට වැසි සහ ගිගුරුම් මිත්තණිය සමඟ වැවේ දිය නෑමට ගිය 9 හැවිරිදි දැරියක් කිඹුලෙකුට බිලිවෙයි ඉරාන හැකර්වරුන්ගේ වෙබ් අඩවි 4ක් FBI භාරයට

මට්ටක්කුලියේ සුපිරි වෙළෙඳසැලකින් මත්පැන් සොරාගත් “මෝදර සුදා” හෙරොයින් සමඟ අත්අඩංගුවට

මට්ටක්කුලිය ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක පිටුපස ආවරණ තහඩුවක් ගලවා ඇතුළු වී, එහි තිබූ විදේශීය මත්පැන් බෝතල් තොගයක් සොරාගත් පුද්ගලයෙකු මෝදර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මිතුරන් සමග බෙදාගන්න

මට්ටක්කුලිය ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක පිටුපස ආවරණ තහඩුවක් ගලවා ඇතුළු වී, එහි තිබූ විදේශීය මත්පැන් බෝතල් තොගයක් සොරාගත් පුද්ගලයෙකු මෝදර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ “මෝදර සුදා” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන 21 හැවිරිදි තරුණයෙකි.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු රහසිගත තොරතුරකට අනුව, මෝදර පොලිසියේ දූෂණ මර්ධන අංශය විසින් සැකකරුගේ නිවස වටලා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. එම අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 800ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු පාපොච්චාරණය කර ඇත්තේ, සුපිරි වෙළෙඳසැලෙන් සොරාගත් විදේශීය මත්පැන් බෝතල් කිහිපයක් විකුණා එම මුදලින් තමාට අවශ්‍ය හෙරොයින් මත්ද්‍රව්‍ය මිලදී ගත් බවයි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු වන මොහු කලක පටන් මෙවැනි සොරකම්වල නිරතව ඇති බවට පොලීසිය සැක කරයි.

සැකකරු මාලිගාවත්ත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. එහිදී විෂ මත්ද්‍රව්‍ය පනත යටතේ මොහු දින 07ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා ගැනීමට මෝදර පොලීසිය කටයුතු කරමින් සිටී.

වෙනත් පුවත්

උණුසුම් පුවත්