සිරස්තල
බලපත්‍ර රහිතව ඩීසල් තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු සේරුනුවරදී අත්අඩංගුවට හලාවත – කුරුණෑගල පාරේ මාරක අනතුරක් ටෙක්සාස්හි තෙල් පිරිපහදුවක ප්‍රබල පිපිරීමක් මැදපෙරදිග යුද ගිනි නිවීමට බලාපොරොත්තුවක් ට්‍රම්ප්ගේ පැය 48ක අවසාන නිවේදනය අදින් අවසන් – ලෝකයම දැඩි අවිනීශ්චිතතාවයක පාන් සහ බේකරි නිෂ්පාදන මිල අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට නිව්යෝර්ක් ලාගාඩියා ගුවන්තොටුපොළේදී ගුවන් යානයක් ට්‍රක් රථයක ගැටෙයි ඉන්ධන මිල ඉහළ යාම හමුවේ බේකරි නිෂ්පාදනවල මිල ඉහළට, තීරණය අද (23) මට්ටක්කුලියේ සුපිරි වෙළෙඳසැලකින් මත්පැන් සොරාගත් “මෝදර සුදා” හෙරොයින් සමඟ අත්අඩංගුවට බස් ගාස්තුව 10%කින් ඉහළට? තීරණාත්මක කැබිනට් පත්‍රිකාව අද (23) රජයට

බලපත්‍ර රහිතව ඩීසල් තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු සේරුනුවරදී අත්අඩංගුවට

නීත්‍යානුකූල අවසරයකින් තොරව විශාල ඩීසල් තොගයක් සිය සන්තකයේ තබාගෙන අලෙවි කිරීමේ චෝදනාව මත සේරුනුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. කන්තලේ කොට්ඨාස අපරාධ විමර්ශන

මිතුරන් සමග බෙදාගන්න

නීත්‍යානුකූල අවසරයකින් තොරව විශාල ඩීසල් තොගයක් සිය සන්තකයේ තබාගෙන අලෙවි කිරීමේ චෝදනාව මත සේරුනුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. කන්තලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු විශේෂ තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම ජාවාරම අනාවරණය කර ගැනීමට හැකි වී ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී ඩීසල් ලීටර් 1,820ක ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ සේරුනුවර ප්‍රදේශයේම පදිංචි 41 හැවිරිදි වියේ පසු වන පුද්ගලයෙකි.

පවතින ඉන්ධන අර්බුදය සහ සීමාවන් හමුවේ මෙලෙස අනවසරයෙන් ඉන්ධන රැස්කර තබා ගැනීම සහ වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් පොලීසිය දැඩි අවධානයෙන් පසුවෙයි. අත්අඩංගුවට ගත් සැකකරු සහ ඉන්ධන තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා සේරුනුවර පොලීසිය වෙත භාර දී ඇත.

සේරුනුවර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවන අතර, සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්