#දේශීය පුවත්

ජනපති චිනයට ළඟාවෙයි

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනයකට අනුව චීන රාජ්‍ය සංචාරයට පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයට ළඟා වී තිබේ.

එරට වේලාවෙන් අද (14) පෙරවරු 10.25ට පමණ ජනාධිපතිවරයා චීනයේ බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදය කළේය.

එහිදී චීන හමුදාවේ උත්කර්ෂවත් බුහුමන් සහිතව චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය චෙන් ශියාඩොන් මහතා විසින් ජනාධිපතිවරයා පිළිගෙන තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *