සිරස්තල
දැඩි හිරු රශ්මියෙන් සිසුන් ආරක්ෂා කරගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ උපදේශන මාලාවක් විදෙස්ගතව සිටි දරුණු ගණයේ අපරාධකරුවන් 30ක් වසර 3කදී මෙරටට අප්‍රේල් 01 සිට විදුලි බිල ඉහළට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් අප්‍රේල් 10 දක්වා යළි රිමාන්ඩ් මූල්‍ය වංචා චෝදනා ලැබූ චීන ජාතිකයින් 125ක් විශේෂ යානයකින් මෙරටින් පිටුවහල් කෙරේ ඉරාන තෙල් සහ කාග් දූපත පාලනයට තමන්ට හැකියාව ඇති බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක් ගණේමුල්ලේදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ තරුණයන් දෙදෙනෙකු කොටුවේ ඔස්ට්‍රේලියාවෙන් ඉන්ධන බදු සහනයක් ඇමෙරිකානු සහ ඊශ්‍රායල නිලධාරීන්ගේ නිවෙස් ඉලක්ක කරන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක් තායිලන්තයේ සිට අනවසරයෙන් රැගෙන ආ ලක්ෂ 2ක විසිතුරු පැළ තොගයක් රේගු බාරයට

අප්‍රේල් 01 සිට විදුලි බිල ඉහළට

2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඒකමතිකව අනුමැතිය ලබා දී තිබේ. ලංකා විදුලිබල මණ්ඩලය විසින් කරන

මිතුරන් සමග බෙදාගන්න

2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඒකමතිකව අනුමැතිය ලබා දී තිබේ. ලංකා විදුලිබල මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම සංශෝධනය සිදුවන අතර, නව ගාස්තු ක්‍රමය එළඹෙන අප්‍රේල් මස 01 වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

මෙම සංශෝධනය යටතේ විදුලි පාරිභෝගිකයන් කාණ්ඩ කිහිපයක් යටතේ ගාස්තු ඉහළ දමා ඇති අතර, අඩු ඒකක ප්‍රමාණයක් පරිභෝජනය කරන පවුල් සඳහා සාපේක්ෂව අඩු වැඩිවීමක් සිදු කර තිබීම විශේෂත්වයකි.

ගෘහස්ථ කාණ්ඩයේ විදුලි පරිභෝජනය අනුව මාසික බිලට එකතු වන අතිරේක මුදල පහත පරිදි වේ:

ඒකක 0 – 30 දක්වා: 4.3% කින් ඉහළ යන අතර මාසික වැඩිවීම රුපියල් 15 කි.

ඒකක 31 – 60 දක්වා: 6.9% කින් ඉහළ යන අතර මාසික වැඩිවීම රුපියල් 45 කි.

ඒකක 61 – 91 දක්වා: 6.9% කින් ඉහළ යන අතර මාසික වැඩිවීම රුපියල් 120 කි.

ඒකක 91 – 180 දක්වා: 7.1% කින් ඉහළ යන අතර මාසික වැඩිවීම රුපියල් 420 කි.

ඒකක 180 ට වැඩි: උපරිම ප්‍රතිශතය වන 25% කින් ගාස්තු ඉහළ දමා ඇත.

ආගමික සහ පුණ්‍ය ආයතන සඳහා යම් සහනයක් ලබා දීමට මහජන උපයෝගීතා කොමිසම පියවර ගෙන තිබේ. ඒ අනුව ඒකක 180 ට අඩු පරිභෝජනයක් සහිත ආගමික ස්ථාන සඳහා ගාස්තු වැඩි නොවන අතර, ඒකක 180 ඉක්මවන ආයතන සඳහා පමණක් 9.6% ක වැඩිවීමක් සිදු වේ.

මීට අමතරව, රාජ්‍ය ආයතන සඳහා විදුලි ගාස්තුව 14.1% ක ඉහළ අගයකින් වැඩි කර ඇති අතර, පොදු කාර්ය පාරිභෝගිකයන් සඳහා 8% ක වැඩිවීමක් අනුමත කර ඇත.

මෙරට නිෂ්පාදන ක්ෂේත්‍රය ආරක්ෂා කර ගැනීම උදෙසා කර්මාන්ත අංශයේ විදුලි ගාස්තු වැඩිවීම 8.7% ක මට්ටමක සීමා කිරීමට කොමිෂන් සභාව තීරණය කර තිබේ. මෙය ලංකා විදුලිබල මණ්ඩලය මුලින් අපේක්ෂා කළ අගයට වඩා අඩු මට්ටමකි.

ගෘහස්ථ (ඒකක 180 ට වැඩි) – 25%

රාජ්‍ය ආයතන – 14.1%

ආගමික ස්ථාන (ඒකක 180 ට වැඩි) – 9.6%

කර්මාන්ත අංශය – 8.7%

පොදු කාර්ය – 8%

වෙනත් පුවත්

උණුසුම් පුවත්