සිරස්තල
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතරදී හෙට (01) සියලුම වාහන අංක සඳහා ඉන්ධන නිකුත් කෙරේ හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ගමන් කරන නැව්වලට ඉරානයෙන් නව බදු පැනවෙයි: ඇමෙරිකානු සහ ඊශ්‍රායල නෞකාවලට තහනමක් ඩුබායි වරායේ නැංගුරම් ලා තිබූ කුවේට් තෙල් නැවකට ඉරානයෙන් ප්‍රහාරයක් රජයේ වෛද්‍යවරුන් අද (31) සිට දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක දැඩි හිරු රශ්මියෙන් සිසුන් ආරක්ෂා කරගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ උපදේශන මාලාවක් විදෙස්ගතව සිටි දරුණු ගණයේ අපරාධකරුවන් 30ක් වසර 3කදී මෙරටට අප්‍රේල් 01 සිට විදුලි බිල ඉහළට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් අප්‍රේල් 10 දක්වා යළි රිමාන්ඩ් මූල්‍ය වංචා චෝදනා ලැබූ චීන ජාතිකයින් 125ක් විශේෂ යානයකින් මෙරටින් පිටුවහල් කෙරේ

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතරදී

2026 වසරේ රාජ්‍ය වෙසක් උත්සවය මාතර, තිහගොඩ පිහිටි ඓතිහාසික මිදෙල්ලවල රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. අද (31) පැවති කැබිනට් තීරණ

මිතුරන් සමග බෙදාගන්න

2026 වසරේ රාජ්‍ය වෙසක් උත්සවය මාතර, තිහගොඩ පිහිටි ඓතිහාසික මිදෙල්ලවල රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. අද (31) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී රජයේ ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව අනාවරණය කළේය.

රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව මැයි මස 27 වනදා සිට ජූනි මස 02 වනදා දක්වා කාලය “වෙසක් සතිය” ලෙස ප්‍රකාශයට පත් කිරීමට ද රජයේ අනුමැතිය හිමිව ඇත. මේ අනුව එම කාලසීමාව තුළ දිවයින පුරා ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කිරීමට නියමිතය.

පවතින ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ රජයේ වියදම් පාලනය කිරීමේ පියවරක් ලෙස, අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රජයේ නිලධාරීන් සඳහා ලබාදෙන ඉන්ධන දීමනා සීමා කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව, මින් ඉදිරියට එම දීමනා ගණනය කරනු ලබන්නේ 2026 මාර්තු මස 01 වන දින පැවති ඉන්ධන මිල ගණන් පදනම් කරගෙනය.

මැදපෙරදිග අර්බුදය හේතුවෙන් මෙරට ඉන්ධන මිල ගණන් නිතර සංශෝධනය වුවද, අනෙකුත් සියලුම දීමනා ද නැවත දැනුම් දෙන තුරු පවතින අනුපාතයටම පවත්වාගෙන යාමට රජය මෙහිදී එකඟ වී ඇත.

දේශීය වෙළෙඳපොළේ පවතින සම්බා සහ කීරි සම්බා සහල් හිඟයට කඩිනම් විසඳුමක් ලෙස, ඊට සමාන සහල් වර්ග ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව, පොන්නි සම්බා ඇතුළු සහල් වර්ග මෙරටට ගෙන්වීම සඳහා පෞද්ගලික ආනයනකරුවන්ට අවසර පත්‍ර නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවිය.

මෙම සහනදායී පියවර යටතේ එක් ආනයනකරුවෙකුට සහල් මෙට්‍රික් ටොන් 1,040ක් දක්වා මෙරටට ගෙන්වීමට අවස්ථාව හිමිවේ. මෙමගින් ඉදිරි උත්සව සමයේදී සහල් මිල පාලනය කිරීමට සහ හිඟයකින් තොරව සහල් ලබාදීමට රජය අපේක්ෂා කරයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්